අර්ජුන මහේන්ද්‍රන් මහතාට නියෝග නිකුත් කරයි

අර්ජුන මහේන්ද්‍රන්

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 688 කට වැඩි පාඩුවක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ එවක අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරහිව නීතිපති වරයා කොලබ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අදාල නඩුවේ විත්ති කරුවෙකු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට විදෙස් ගතව සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොලබ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය 2019 අගෝස්තු 9 වන දා වරෙන්තුවක් ද නිකුත් කළා.

මෙවැනි පසු බිමක 2015 පෙබරවාරි මස ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කල බැදුම්කර නිකුතුවක දී රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු වූ බවට පැමිණි පැමිණිල්ලකට අදාලව සිදු කල විමර්ශන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (26) කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

මෙහිදී අල්ලස් කොමිස වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන මහත්මිය කියා සිටියේ ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුවේදී රජයට රුපියල් බිලියන 10 කට අධික පාඩුවක් සිදු වීම තුළ දූෂණ විරෝධී පනත යටතේ ” දූෂණය ” නමැති වරද උද්ගත වී ඇති බවයි.

මෙහිදී මහේස්‍රාත්වරයා වරයා අලල්ස් කොමිසමෙන් ඉල්ලා සිටියේ ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුවට ප්‍රථමික ගැනුම් කරුවන් කී දෙනෙක් සම්බන්ධ වී අත් ද යන්නයි. මෙම බැදුම්කර නිකුතුවට ප්‍රථමික ගැනුම් කරුවන් 16 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පිළිතුරු දීමත් සමග යළිත් මහේස්ත්‍රාත් වරයා විමසා සිටියේ ප්‍රාථමික ගැනුම් කරුවන් අතර හිටපු මහ බැංකු අධිපතිවරයා සමග සම්බන්ධ පුද්ගලයෙක් සිටියා ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ” ඔව් ස්වාමිනි අර්ජුන ඇලෝසියස් සිටියා ” යනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිතුරු දුන්නා. එහෙදී කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විවුර්ත අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර මහා බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළින් සදාචාරාත්මක ගැටළුවක් මෙන්ම ලබදියාවන් අතර ගැටුමක් පැවතියේ යැයි පෙනී යන බවයි.

ඒ අනුව මෙම නඩුකරයේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග නිකුත් කරණ ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා සිටියා. ඒ අනුව කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන වසරේ ජනවාරි 25 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *