උදයංග මාධ්‍යයට කියපු දේ – “රාජපක්ෂවාදියෙක් නම් සතියකට රිමාන්ඩ් ”
“පොඩ්ඩක්වත් කකුලවත් පාගන්න එපා බස් එකේ යනකොට රාඡපක්ෂවාදියෙක් නම් ඩග් ගාලා සතියකට රිමාන්ඩ් තමයි. ඡනතාව රාඡපක්ෂවරුන්ට බලය දුන්නේ නැත්තේ මේ අනුර කුමාර දිසානායකගේ වැඩසටහන බලන්න නේ. ඉතිං ඒකට මේ බේරේ වැවේ කුණු අයින් කරන එක නෙවේ. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන. මම නිදාගත්තේ එක එල්.ටී.ටී. ඡාතික සැකකාරයෙක් එක්ක. මගේ බෙල්ල මිරිකන්න තිබුණනේ ඔවුන්ට ඡාතිවාදයක් තිබුනානම්.. නෑ .. හැමදාම උදේ පාන්දර තේක දීලා. කොච්චර අහිංසක මිනිස්සු ද? අද ඔවුන් පුනරුත්තාපනය වෙලා නම්, අවුරුදු 16 ක් එල්.ටී.ටී. සාමාඡිකයො කියලා මේ රිමාන්ඩ් කදවුරේ ඉන්න අර 10 දෙනාට සාධාරණයක් ඉස්ට කරන්න ඡනාධිපතිතුමනි. වැලිකඩ හිර ගෙදර 600 යි ඉන්න ඕන. රිමාන්ඩ් භාරයේ විතරක් 3000 ක් ඉන්නවා. ටොයිලට් 2 යි තියෙන්නේ. නාගන්න යනවා 100 ක් විතර. ඔන්න ඕවා ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කරන්නකෝ.”
වර්තමාන ඡනාධිපතිතුමා අපි දැක්කනේ ෆයිල් වගයක් පෙන්නනවා. දැන් ඉතිං ඔය ෆයිල් ටික අදිනවා ඇති.
“හරී මිග් ෆයිල් එක අදින්න. මිග් ෆයිල් එකට නඩු දාන්න. අවුරුදු 9 ක් තිස්සේ නඩු දාන්නේ නැත්තන් ඇයි මේ චෝදනා විතරක්. අද මාලිමාවේ මන්ත්‍රීවරු විපක්ෂයේ නෙවෙයි. ආණ්ඩු පක්ෂයේ. ඡනතාව ඉල්ලන්නේ චෝදනා නෙවෙයි. ඡනතාවගේ බඩ පුරවන්න කියලා. ආර්ථිකය මේ රටට ගේන්න කියලා. දැන් බලන්න ඡනාධිපතිවරයා මාව විවේචනය කළත්, මගේ වැඩසටහන සැලකිල්ලට ගෙන ගිය 6 වැනිදා කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් අනුමත කළා තවදුරටත් මත්තලට ගුවන් යානා ගේන්න කියලා. ඒක බලන් ඉන්න බැරි 3% කට්ටිය තමයි මේ පොඩි පොරයක් ඇති වුණා කියලා අල්ලපු ගෙදර මනුස්සයා එක්ක මාව රිමාන්ඩ් කරේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එකෙන් කාගෙවත් බඩ පිරුන් නෑ නේ.”
උදයංග