උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ජනාධිපතිතුමා ඉන්දියානු සංචාරයේදී ETCA ගිවිසුම පිළිබද සාකච්චා ඉදිරියට කර ගෙන යාමට තීරණය කල බව ඉන්දියානු විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ සදහන් වන බව උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා රටේ ආර්ථිකය ඉන්දියාවට බිලි දෙන ETCA එපා කියල සම්මන්ත්‍රණයක් පැවැත් වූ බව ද උදය ගම්මන්පිල මහතා පැවසීය . රටේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ඒ සම්මන්ත්‍රණයට සහභාගී වී අනුර දිසානායක සහෝදරයාට ඇහුම්කම් දුන්නා නම් ETCA ගිවිසුමෙන් මේ රටට සිදු වන විනාශය පිළිබදව එතුමාට හොද අවබෝධයක් ලබා ගන්න අවස්ථාවක් තිබුණු බව ද ඔහු අවධාරණය කළා .
එසේ නම් කීයටවත් රටේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ETCA ගිවිසුම ඉදිරියට කර ගෙන යාමට එකග නොවන බවයි ගම්මන්පිල මහතා පැවසුවේ. බැරි වෙලාවත් ජනාධිපති අනුර දිසානායක මැතිතුමායි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයයි දෙන්නම එක්කෙනෙක් නම් එදා කියූ දේ අද නොකරන්නේ ඇයි කියල ජාතියට පැහැදිලි කළ යුතු බව ද උදය ගම්මන්පිල මහතා පැවසීය. එසේ නොමැතිනම් එදා ජනතාවට බොරු කියල රැවටීම පිළිබදව ජනතාවගෙන් සමාව ගත යුතු බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා ETCA ගිවිසුම අත්සන් කරන්න තව දුරටත් කටයුතු කරනවා නම් ආපසු හැරවිය නොහැකි විනාශයකට එතුමා මේ රට තල්ලු කරමින් සිටිනවා කියන කාරණය ඉතාම කණගාටුවෙන් සිහිපත් කරන බව ද උදය ගම්මන්පිල පැවසීය. ජනතා වරමට අනුව කටයුතු කරලා මේ ගිවිසුම් ඉදිරියට කර ගෙන යන්නේ නැහැ කියල ඉන්දියාවට දැනුම්දේවි කියල මේ රටේ ජනතාව බලාපොරොත්තු වුන බව ඔහු පැවසුවා. නමුත් මේ ඒකාබද්ධ ප්‍රකාශයේ සදහන් වන ආකාරයට විදුලි රැහැන් පද්ධතිය ඉදිකිරීමත් , තෙල් නළ පද්ධතිය ඉදිකිරීමත් කර ගෙන යාමට දෙපාර්ශවයම එකග වී ඇති බව ද ඔහු පැවසුවා.