ඊශ්‍රායලය යේමනයට දිගින් දිගටම ප්‍රහර දෙයි

ඊශ්‍රායලය යේමනයට දිගින් දිගටම ප්‍රහර දෙයි

ඊශ්‍රායලය වෙත එල්ල වන හූති කැරලිකරුවන්ගේ බැලස්ටික් මිසයිල ප්‍රහාර සහ ද්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් මේ සතිය තුළ දෙවන වරටත් යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කළා.

ඒ අනුව ඊශ්‍රායලය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැසක් යේමනය වෙත පහර දීම අරඹණු ලැබුවා. ඊශ්‍රායලයේ මෙවර ඉලක්කය වූයේ සානා අගනුවර පිහිටි එරට ඡාත්‍යන්තර ගුවන් තොටුපළයි. ගුවන් තොටුපළ ප්‍රධාන පාලක කුළුණ වෙත සහ එහි පර්යන්ත ගොඩනැගිලි වෙත ප්‍රහාර දියත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවේ ගුවන් තොටුපළේ රැදී සිටි මඟීන් සිය දිවිය රැක ගැනීමට දිව ගියේ මෙලෙසින්. ඊශ්‍රායලය විසින් සානා ගුවන් තොටුපල වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රෝස් ඇඩ්නාම් ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ගුවන් යානයකට ගොඩවන අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී ඇති අතර යානයේ සිටි කාර්ය මණ්ඩල සේවකයෙකු ද තුවාල ලබා තිබෙනවා. එල්ල කරනු ලැබූ තවත් ප්‍රහාර කිහිපයක් එරට බටහිර කොටසේ වරායන් ත්‍රිත්වයක් වෙත එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *