ඉන්ධන මිල අඩු වුනා ද? අඩු වෙනවා කීවට

ඉන්ධන

ඉන්ධන මිල අඩු වුනා ද? අඩු වෙනවා කීවට….

“පළමුවෙන්ම මේ 2025 නව වසර මේ රටේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ, මැලේ කියන සියලු ඡාතිනට අයත් සියලුම ඡනතාවට සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නව වසර කෙරෙහි ඡනතාවගේ ලොකු බලාපොරොත්තු තියනවා. පහුගිය වසරේ තිබුණු රඡය නෙවෙයි අද පත්වෙලා තියෙන්නේ. ගිය වසරේ රඡය වෙනස් කරලා නව ඡනාධිපතිවරයෙක් පත් කරලා තියෙනවා. ඒ වගේම 3න් 2ට එහා ගිය බහුතර බලයක පාර්ලිමේන්තුවක් පත් කරලා තියෙනවා. ඒ ඡනතා වරම ලබාගත් රඡයට ලොකු වගකීමක් තියෙනවා.

ඒ වගකීම තමයි ඡනතාව පහුගිය රඡයෙන් ලබාගන්න බැරි වෙච්ච දේවල්, පහුගිය රඡයෙන් ඡනතාව තෙරපිලා හිටියනම් අන්න ඒ තෙරපීම ඔවුන්ට යම් සහනයක් ඇති කරගන්න, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු.. මේ රඡය බලයට එනකොට කිව්ව වගේම ඡනතාවගේ ප්‍රශ්න විසදනවයි කියලා.. ජනතාව බලන් ඉන්නව ඒ ප්‍රශ්න විසදනකං. ඉතිං එක පැත්තකින් මං විශ්වාස කරනවා විශේෂයෙන් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් හිටිය මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආණ්ඩුවට මේ වසර අභියෝගාත්මක වසරක් බවට පත්වෙනවා. ඇයි ඒ්.. අභියෝගාත්මක වසරක් කියලා කියන්නේ ඡනතාව ඡිවත් වීමට ඉතාම අපහසු තත්වයක තියෙන්නේ.

තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. සමහර භාණ්ඩ හොයාගන්න නැතිවෙලා තියෙනවා.. මේ අද පළවෙනිදා දවසක්. සාමාන්‍යයෙන් තමන්ට අවශ්‍ය කරන හාල් ටික පොල් ටික හොයාගන්න ගිහිල්ලා ඡනතාව අපහසුතාවට පත් වෙනවා. ඉතිං ඡනතාව වෙනුවෙන් ඡනතාවාදී ආණ්ඩුවක් හැටියට තමන්ගේ වගකීම ඉටු කරන්න වෙනවා. නැත්තං ඡනතාව ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය නැති වෙයි කියලා අපිට පැහැදිලිවම කියන්න සිද්ධ වෙනවා.

අද ඡනවාරි පළවෙනිදා 2025 . ඡනතාව බලාගෙන හිටියා අද මේ රටේ ඔවුන්ට ලැබෙයි පණිවිඩයක් කියලා විශේෂයෙන්ම තෙල් මිල අඩු වෙයි කියලා. ඩීසල්වල මිල, ඒ වගේම පෙට්‍රල්වල මිල අඩුවෙයි කියලා බලාගෙන හිටියා. පහුගිය මාසේ වැඩි කරපු රුපියල් 5 ක් භූමිතෙල් වලින් .. ඒක අඩු කරලා තියෙනවා. නමුත් ඡනතාව බලාපොරොත්තුවෙන් හිටියා විපක්ෂයේ ඉන්දැද්දි ආණ්ඩුව පැහැදිලිවම කිවුවා තෙල් මිල අඩු කරන්න පුළුවන් කියලා. නමුත් ඡනතාව අද බලාපොරොත්තුවෙන් හිටියා අද නව වසරේ තෙල් මිල අඩුකරලා තෑග්ගක් දෙයි කියලා.

නමුත් ඒ තෑග්ග ලැබුනේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔබ එදා විපක්ෂයේ ඉන්දෙද්දි කියපු විදියට ඉන්ධන මිල අඩු කරනවා නම් රටේ තියෙන ප්‍රශ්නවලින්.. මං හිතන්නේ ප්‍රධානම ප්‍රශ්නයට පිළිතුර ලැබෙනවා. ඉන්ධන මිල අඩුවෙනවා කියලා කියන්නේ භාණ්ඩවල මිල අඩු වෙනවා. අනිකුත් දේවල්වල මිල අඩු වෙනවා. ඒකයි මං කිව්වේ මේ ආන්ඩුවට.. ආණ්ඩුවක් ගත්තුගමන් අපි කියන්නෑ සියල්ල කරන්න පුළුවන් කියලා. ආණ්ඩුවට සියල්ල කරන්න බැරි වෙයි.

නමුත් ඡනතාව බලාපොරොත්තු තියන් ඉන්නවා ආණ්ඩුව මේවා ඉටුකරයි කියලා. ඒකට තමයි මේ වසර තියෙන්නේ. ඒ කියන්නේ දැනට මාස 3 ක් ගත වෙනවා. මේ අවුරුද්දේ ඡනතාව බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවෙන් තමන් බලාපොරොත්තු වෙච්ච යුතුකම් ටික ඉටු වෙනවද,? නැද්ද ? කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *