ඉන්දීය ඡනාධිපති ද්‍රෞපදී මූර්මු මහත්මියගේ නිළ ආරාධනයකට අනුව ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින රාඡ්‍ය සංචාරය අරඹමින් අද පස්වරුවේ කටුනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පිටත්ව ගියා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 195 දරණ ගුවන් යානයෙන්. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විඡිත හේරත් සහ කම්කරු අමාත්‍ය අනිල් ඡයන්ත යන මහත්වරුන් ද ඡනාධිපතිවරයා සමඟ ඉන්දියාව බලා පිටත්ව ගියා..
අද පස්වරු 5.30 ට පමණ ඡනාධිපතිවරයා ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ඡාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලගා වුනා. ඡනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් නව දිල්ලි නුවර පුවරු ප්‍රදර්ශනය කර තිබුනේ මෙලෙසින්.
ඡනාධිපතිවරයා හෙට දිනයේ නව දිල්ලි අගනුවර හයිද්‍රාබාද් හවුස්හි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත අතර ද්වීපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද එහිදී අත්සන් තැබෙනු ඇතී.
එමෙන්ම, ඡනාධිපතිවරයා නව දිල්ලි අගනුවර රාෂ්ට්‍රපති භවන් හිදී ඉන්දීය ඡනපති ද්‍රෞපදී මූර්මු මහත්මිය ද හමුවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැවති ඡනාධිපතිවරණයෙන් හා පාර්ලිිමේන්තු මැතිවරණයෙන් පසු ඡනපති දිසානායක සහභාගී වන පළමු ඉන්දීය සංචාරය මෙයයි. සංචාරය අතරතුර ඡනාධිපති දිසානායක මෙරට ඡනාධිපතිවරිය හමු වෙනවා.
එසේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ කලාපීය වශයෙන් සහ ඡාත්‍යන්තර වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. දිසානායක ඡනාධිපතිවරයාගේ සංචාරය තුළදී බහුපාර්ශ්වීය සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට සාකච්ඡාවන් පවත්වනු ඇතී.
ඡනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ඉන්දීය උප ඡනාධිපති ශ්‍රී ඡග්දීප් දන්කාර්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ඡේ. පී. නන්ද, ඉන්දීය ඡාතික ආරක්ෂක උපදේශක අඡිත් දොවාල් යන මහත්වරුන් ද හමු වී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම සංචාරයේදී ඉන්දියාව අතර ආයෝඡන සහ වාණිඡ සබඳතා ප්‍රවර්ධනය සඳහා දිල්ලියේ ව්‍යාපාරික හමුවකට ද ඡනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි. එමෙන්ම, ඡනාධිපතිවරයා බුද්ධගයාව පුදබිමේ සංචාරයකට එක්වීමටද නියමිතව තිබෙනවා.
මෙවැනි පසුබිමක දෙමළ ඡාතික ඡනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් ඔහු පෙන්වා දි ඇත්තේ 2015 සහ 2019 අතර කාලය තුල කෙටුම්පත් කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ අන්තර්කාලීන යෝඡනා අවසන් එකඟතාවකට ගෙන ඒමට ඡාතික ඡන බලවේගයේ ආණ්ඩුව කැපවී සිටින බවට ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේවෙතත්, එම යෝඡනා මඟින් පෙන්වා දී ඇති ඒකීය රාඡ්‍ය සංකල්පය හරහා දෙමළ ඡනතාවට හිමිවිය යුතු අවම තත්වය හෝ හිමි නොවන බවත්, පවතින 13 වන සංශෝධනය ද එම තත්වය ලබා දීමට අපොහොසත් වී ඇති බවත් එහි සඳහන්. ඒකීය රාඡ්‍ය ආකෘතිය තුළ ගෙන එන ව්‍යවස්ථාවක් කිසිසේත්ම සිය පක්ෂය පිළිනොගන්නා බැවින් දෙමළ ඡනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නව ෆෙඩරල් ව්‍යවස්ථාවක් සකස් කිරීමට නව ආණ්ඩුවට අවධාරණය කළ යුතු බවත් ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමු කළ එම ලිපියේ සඳහන්.