ඉදිරියට පොලීසිය වාහන නතර කර යුත්තේ මෙහෙමයි

ඉදිරියට පොලීසිය වාහන නතර කර යුත්තේ මෙහෙමයි

රථ වාහන නැවැත්වීමට රාත්‍රී කාලයේ සංඥා කිරීමේ දී බොහෝ අවස්ථාවල විවිධාකාරයේ විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට හා පාලනය කිරීමට අපහසු වන අතර ආලෝකය පරාවර්තනය වන ඡැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරීන් අනතුරට පත්වන අවස්ථා ද වාර්තා වනවා.

එම නිසා මින් ඉදිරියට රථවාහන රාඡකාරියේ යෙදී සිටින නිලධාරීන් රාත්‍රී කාලයේ රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ඡැකට් හා අත්වැසුම් පැළද සිටීමට කටයුතු කරන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, මේ වනවිට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම භාවිතා කිරීමටත් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. රාත්‍රී රාඡකාරියේ යොදවන නිලධාරීන් එසේ ක්‍රියා කරන්නේද යන්න නිරන්තරයෙන් අධීක්ෂණය කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *