අසර්බයිඡාන මඟී ගුවන් යානයක් කසකස්ථානයේදී කඩා වැටීමේ සිද්ධීය සම්බන්ධයෙන් අසර්බයිඡාන ඡනාධිපති ඉල්හාම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබෙනවා. ඒ එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ෂණවලින් අනාවරණය වීමත් සමඟයි. අනතුරෙන් තුවාල ලැබූ මඟීන් සහ කාර්ය මණ්ඩල සාමාඡිකයන්ට මෙන්ම අනතුරින් හානි වූ භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළා. අසර්බයිඡාන ඡනාධිපතිවරයා පවසන්නේ ඊට වගකිව යුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදිය යුතු බවයි. පුද්ගලයින් 38 දෙනෙකුට මරු කැදවමින් පසුගිය 25 දා අනතුරට ලක් වූ අසර්බයිඡාන ගුවන් යානයේ කඩා වැටීම සමබන්ධයෙන් රුසියානු ඡනාධිපති විලැඩ්මීර් පුටිං සමාව ඉල්ලා සිටියා. ඒ එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විමර්ෂණවලින් අනාවරණය වීමත් සමඟයි. අසර්බයිඡාන මඟී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල් ප්‍රහාරයක් බව පළමුව අනාවරණය කරන ලද්දේ ඇමරිකාවේ බුද්ධි අංශය මගින් ය.
Related Posts
ඉම්රාන් ඛාන්ට වසර 14කට ඇතුළට යවයි
අල් කදර් විශ්වවිද්‍යාල වියාපෘතියේ ඉඩම් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන්ට දූෂණ විරෝධී අධිකරණය වසර…
චාමර සම්පත් රෝහණ විජේවීරට යුක්තිය ඉල්ලයි
චාමර සම්පත් මහතා පාර්ලිමේන්තුවේදී කල ඉල්ලීම…. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කතාවක් තියෙනවා හැමවෙලේම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න … පොඩ්ඩක් කල්පනා…
දවුලගල සිසුවිය බේරාගැනීමට ඉදිරිපත්වූ තරුණයා කියන කතාව
මහනුවර දවුලගල ප්‍රදේශයේ දී මෙම සිසුවිය තවත් සිසුවියක සමග මහාමාර්ගයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදු කර තිබෙනවා.…