අව්වේ දණ ගැස් වූ රමීෂා දැරිය මිය යයි

අව්වේ දණ ගැස් වූ

අව්වේ දණ ගැස් වූ දැරිය මිය යාමේ ඛේදනීය පුවතක් වාර්තා වනවා . වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක දස වන ශ්‍රේණියේ ඉගෙනනුම ලබමින් සිටි රමීෂා දිනිති සිසුවියට ඇගේ පන්තිභාර ගුරුවරිය සහ තවත් ගුරුවරියක් පහර දීම හේතුවෙන් රෝහල්ගත කළ බව අප පසුගියදා වාර්තා කළා.

අදාළ සිසුවිය තවත් සිසුවියක් සමඟ පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් ඇයව අව්වේ දණගස්වා පහරදී තිබුණා .සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වලින් අනතුරුව සැකකාර ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදා ඇප මත මුදාහැර තිබුනා.

දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර භෞතික චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කර යවා තිබෙනවා. පොලිසිය පැවසුවේ දහසය හැවිරදි රමේශා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 13 වැනිදා මියගොස් ඇති බවයි.

සිසුවියගේ මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඇප මත මුදා හැර සිටි සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණ නියෝගයට අනුව පසුගිය දාහතර වැනිදා නැවත වරක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අව්වේ දණ ගැස් වූ දැරිය මිය යාමේ සිද්ධිය මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *