අනතුරු දායක මට්ටමේ කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. ඊයේ උදැසන 8.15 සිට අද අලුයම දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ අම්පාර ලාහුගල ප්‍රදේශයෙන්. එම අගය මිලිමීටර් 191ක්. අම්පාර මහා ඔය ප්‍රදේශයේන් මිලිමීටර් 149.5 ක් වර්ෂාපතනයක් වාර්තාව වනවා.
දිස්ත්‍රික් 9කට අදියර එක සහ අදියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ.
බදුල්ල
ගාල්ල
කළුතර
මහනුවර
කෑගල්ල
මාතලේ
මාතර
රත්නපුර
නුවරඑළිය
දිස්ත්‍රික්ක සදහා එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි. බදුල්ල ,මහනුවර , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා අධියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇගවීම් බලාත්මක වනවා. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගග පිටාර ගැලීම හේතුවෙන් මාතර දිස්ත්‍රික් බලප්‍රදේශ හතරකට බලපෑම් එල්ල වී තිබෙනවා.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. අද උදැසන වන විට මෙම කලාපය පැවතුනේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 600ක් දුරුන් ගිනිකොණ වන්න දෙසටයි.
ශ්‍රී ලංකාවේ උතුරු පළාත් සහ වෙරළ තීරයට මායිම්ව මෙම පීඩන කලාපයේ ගමන් මාර්ගය වැටී තිබෙනවා. ඒ අනුව මෙම කලාපය ඉදිරි දින තුන තුළ එනම් බොහෝ දුරට ලබන 28 වන විට ඉන්දියාව දෙසට ගමන් කරන බව පුරෝකථනය කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේ.
කෙසේ වෙතත් මෙම බලපෑමෙන් ඉදිරි පැය 24 තළ දිවයිනේ පළාත් ගණනාවකට මිලිමීටර් 100 ත් 150ත් අතර ඉතා තද වැසි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේ.