UNP- SJB එක්වෙයි ජනතාව ඒක ඉල්ලනවා

LANKACCNEWS.COM

සමගිජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරු බැහැ දුටුවා . අපි හැමදාම මාධ්‍ය ආරක්ෂා කරා මාධ්‍යවේදීන්ට නිදහසේ ස්වාධීනව කටයුතු කරන්න දුන්නා. නමුත් අද රජය විපක්ෂයේ සිටියදී මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටියා. අද මාධ්‍යවේදීන් මර්ධනය කරන්න කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡා කරනවද නැවතත් එකතු වෙන්න?

” අපේ පාක්ෂිකයෝ අපේ ආධාරකරුවෝ ඉල්ලා සිටිනවා අපි අනාගතයේ එම අවස්ථාවකට එයි කියලා අපි හිතනවා.”

බදු අඩුකරන්න විදිහක් නැහැ මේ තියෙන බදු ක්‍රමය ඒ විදිහටම ගෙනියනවා කියලා රජය පැත්තෙන් ප්‍රකාශ කරනවා ?

” පසුගිය ආණ්ඩුව ගෙනාපු දේවල්ම අයිඑම්එෆ් එකට ඕන විදිහට ආණ්ඩුව අද පාලනය කරනවා. අද රට පාලනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි අයිඑම්එෆ් එක. ගමේ ඉන්න දුප්පත් මනුස්සයාට දැන් හාල් ටික නෑ . එකසිය හැත්තෑවට තිබ්බ හාල් 170 ට නෙමෙයි යහපාලන ආණ්ඩුව කාලයේ තිබ්බේ අසූවට. ඒක රනිල් ක්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව එකසිය හැත්තෑව කරා අනුර කුමාර දිසානායක මහත්මයා ඒක දෙසිය පනහ කරලා තියෙනවා.

ඒගොල්ලෝ කිව්වේ රට වටේට මුහුද තියෙනවා මාළු ටික අල්ලන්නෑ කියලා. දැන් රට වටේට මුහුද වතුර තියෙනවා ලුණු ටික හදාගන්න බැරි ආණ්ඩුවක් දැන් තියෙන්නෙ.

නලීන් බණ්ඩාර – පා.ම –

” පාරේ යද්දී ඒ දවස් වල ත්‍රිවිල් වල ගහලා තියෙනවා අපි මේ පාර මලිමාවට කියල . දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ත්‍රිවිල් වල අර හයි කරලා තියෙන ස්ටිකර් වෙන්න පුළුවන් බුදු පිළිමය වෙන්න පුළුවන් කැජෙට් එක වෙන්න පුළුවන්. ඒවා ටික ආං ආණ්ඩුව ගලවන්න පටන් අරන් තියෙනවා. ඉතින් එහෙම තමයි අද මාලිමාවට උදව් කරපු බලවේග වලට මාලිමාව සලකන්නේ. මැතිඇමතිවරු බොරු කියන්න පටන් අරන් තියෙනවා. මැතිඇමතිවරු කර්මාන්තශාලාවලට පැනලා කප්පන් ගන්න පටන් අරන් තියෙනව CLEAN SRI LANKA ශ්‍රී ලංකා පටන් ගන්න වෙලා තියෙන්නේ මාලිමාව ඇතුළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *