TAX එක වෙනස් වෙන්නේ මෙහෙමයි

PAY- E TAX

IMF තුන්වන සමාලෝචනය ආරම්භයේ රජය විසින් ඉදිරිපත් කල සමාලෝචනයක් වුයේ වෘත්තීය වේදීන් මත පනවා ඇති PAY- E TAX එක පිළිබදවයි. මේ පිළිබදව විශාල කනස්සල්ක් තිබූ බව ජනාධිපතිවරයා පැවසීය. විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලෙන සහ වෛද්‍ය වරුන්ගේ සමිති , බැංකු කළමනාකරුවන්ගේ සම්ගම් මේ PAY- E TAX පිළිබදව විශාල කනස්සල්ක් තිබූ බව ඔහු පැවසුවා.

රජය නැවත සාකච්චා ආරම්භ කල බවත් බද්ද පණවන සීමාව ලක්ෂයකට උඩ ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කරගැනීමට සමත් වූ බව පැවසීය. ඒ වගේම 6% TAX එකකට යටත් වන පරිදි පුද්ගලික අදායම් බද්දේ පළමු කාණ්ඩය ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධන ලබා ගැනීමට සමත් වූ බව ජනාධිපතිවරයා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මාසෙකට ලක්ෂ එක හමාරක් ගන්න පුද්ගලයකුගේ TAX 100% නිදහස් වුනා. ලක්ෂ 2 වැටුපක් ගන්න පුද්ගලයකුගේ බදු 71% නිදහස් . ලක්ෂ දෙක හමාරක වැටුපක් ගන්න පුද්ගලයකුගේ බදු 61% නිදහස්. ලක්ෂ තුනක වැටුපක් ගන්න පුද්ගලයකුගේ බදු 47% නිදහස්. ලක්ෂ තුන හමාරක වැටුපක් ගන්න පුද්ගලයකුගේ බදු 25.5% නිදහස්.

වැඩි අදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත් ලැබෙන ආකාරයට PAY- E TAX එක සංශෝධනය කර ගැනීමට සමත් වූ බව ජනපතිවරයා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *