මෙවර LPL තරඟාවලිය අතරවාරයේදී ලබාගත් මූත්‍රා සාම්පල අතරින් NiroShan dickwella ගෙන් ලබාගත් සාම්පල වල කොකේන් මත්ද්‍රව්‍ය ලබාගත් බවට අනාවරණය වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට සියළුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට Sri Lanka cricket ආයතනය පියවර ගත්තා.
ඒ අනුව දික්වැල්ලට එරෙහිව පැවති විනය පරීක්ෂණයේදී අදාළ වරද ඔහු විසින් පිළිගැනීමත් සමඟ ඔහුට වසර තුනක cricket තහනමක් පැනවීමට පියවර ගත්තා. කෙසේ වෙතත් මෙම වසර තුනේ තහනම මාස තුන දක්වා අඩු කිරීමට Sri Lanka cricket ආයතනය සහ ශ්‍රී ලංකා තහනම් උත්තේඡක නියෝඡ්‍ය ආයතනය පියවර ගෙන තිබෙන බව cricket අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වෙනවා.