පසුගිය ඡනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේ දී ලද පරාඡයත් සමග SJB සහ UNP එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දැඩි කතාබහක් ඇති වුණා. එවන් පසුබිමක SJB හා UNP එක්ව කටයුතු කිරීමට අදාළ පළමු සාකච්ඡාව ඊයේ කොළඹ තරු පහේ හෝටලයක පවත්වා තිබෙනවා. මේ සඳහා SJB නායක සඡිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝඡනය කරමින් පක්ෂ සභාපති කබීර් හෂීම්, පක්ෂයේ ඡාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, මුඡිබර් රහුමාන් සහ හර්ෂණ රාඡකරුණා යන මහත්වරුන් එක් වී තිබෙනවා. එමෙන්ම UNP නායක හිටපු ඡනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශව නියෝඡනය කරමින් පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල, පක්ෂයේ නියෝඡ්‍ය නායක රුවන් විඡේවර්ධන සහ හිටපු ඡනාධිපති උපදේශක එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් යළිත් UNP සහ SJB එකට එක්වෙමු ලෙස යෝඡනාවක් ඉදිරිපත් කර ඇති නමුත්, සඡිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය විසින් එම යෝඡනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේවෙතත්, ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට දෙපාර්ශවය එක් වී පොදු පෙරමුණක් ගොඩනැගීම සඳහා සඡිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ යෝඡනාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සිය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව එම යෝඡනාව ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු සහිතව සාකච්ඡා කිරීමට හෙට දිනයේ යළි හමුවීමටත් එහිදී තීරණය කර ඇති බව වාර්තා වනවා.
“අපිට මුහණදෙන්න තියෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයට. ඒ පළාත් පාලන මැතිවරණය ගැන පමණක් නෙවෙයි ඉදිරියේ ඡාතික දේශපාලන ව්‍යාපාරයේ දී ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් එන්.පී.පී. එකට විරුද්ධව ගොඩ නැගීම තමයි අපේ මුලිකම අරමුණ වෙලා තියෙන්නේ. ඒ අනුව අපි මේ සාකච්ඡා ඉස්සරහට ගෙනියන්න දෙපාර්ශවයම එකගත්වයක් පළ කළා. බොහෝවිට අපිට සන්ධානයක් ආරම්භ කිරීම පිලිබඳව එකඟත්වයකට එන්න පුළුවන් වෙයි. “
දැන් මේ පක්ෂයට නායකත්වය දෙන්නේ කවුද?
ඒ කරුණු ගැන අපි තවමත් අදහස් හුවමාරු කරගෙන නෑ. ඉතිං අපි නායකත්වය ගැන හෝ ලාංඡනය ගැන හෝ නම ගැන හෝ තර්ක විතර්ක කර කර මේ එකතු වෙන්න තියෙන අවස්ථාව මගහැරගන්න ඕන නෑ. ඒවා අපි අවසානේ තීරණය කරන්න පුළුවන් ප්‍රධාන ඡාතික මැතිවරණයක් පැමිණියාම..
තිස්ස අත්තනායක – ඡාතික සංවිධායක – SJB