ඊයේ නව passport මුද්‍රණය සඳහා කඩිනමින් ඇනවුම් ලබාදීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.
“ passport එකේ ප්‍රශ්නය මීට කලින් ගත්ත වැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක ප්‍රතිඵලයක්. අපි පිළිගන්නවා තවමත් ඒ දුෂ්කරතාව, අපහසුව විදේශගත ඔබට තියෙනවා. මාස 5,6 ක් වෙනවා විදේශගත ඔබ passport එකට ඇණවුම් කරලා. ඒක ලබාගන්න බැරි වෙලා තියෙනවා. අපි ඒ සඳහා නව passport මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරයකට යන්න තීරණය කරලා තියෙනවා. ඒ හරහා ඉක්මනින් පාස්පෝට්ප්‍රමාණයක් ලබාගෙන ඔබේ උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය ලබාදෙන්න ඉක්මනින් මැදිහත් වෙනවා වගේම පාස්පෝට් එක අලුත් කර ගැනීම, ඒ වගේම නව පාස්පෝට් එකක් ගැනිමත් මේ තාක්ෂණය හරහාම ලංකාවට එන්නේ නැතුව කරගන්න පුළුවන් තාක්ෂණික පියවරයන් තියන්නත් අපේ අරමුණක් තියෙනවා. ඉතිං ඒ දේ සාර්ථක කරගත්තොත් ඇත්තටම දැනට මුහුණදෙන ඒ දුෂ්කරතාවයත් පියමන් කරන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා.”
විඡිත හේරත් – විදේශ කටයුතු අමාත්‍ය
ඒ අනුව ඡපානය, කටාරය, කුවේටය තානාපති කාර්යාල වගේම මිලානෝ, ටොරින්ටෝ, මෙල්බන් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න, විවාහ සහතික සහ මරණ සහතික ලබාගැනිමට අවස්ථාව උදා වී ඇත.