හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා . හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සදහා අනුකුක්ත කර සිටින පොලිස් නිළධාරීන් වය බර වාර්ෂිකව රුපියල් මිලියන 1100 ක් වන බව නිරීක්ෂණය වී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326 කට වැඩි වැය බරක් දැරීමට සිදුව තිබෙනවා .
ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂා නිලධාරී සංඛ්‍යාව 60ක් දක්වා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රභූ ආරක්ෂාව සමබන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව වරින් වර රැස් වී තක්සේරු වාර්තා කදව නිලධාරීන් සංඛ්‍යාව අඩු හෝ වැඩි කිරීමට පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.