මුල් වරට චීනයෙන් වාර්තා වූ හියුමන් මෙටා නිව්මෝනියා වෛරසය හෙවත් HMPV වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳව සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙන්ම විවිධ රෝගාබාධවලින් පෙළෙන පිරිස්වලට HMPV වෛරසයෙන් ඇතිවන බලපෑම ඉහළ වන බවත් ගර්භනී කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් පවසනවා.
“ HMPV වෛරසයෙ ප්‍රධානම රෝග ලක්ෂණ විදියට උණ, කැස්ස, උගුරේ ආසාදන තත්ත්ව, හුස්ම ගැනිමේ අපහසුතා, ශ්වසන ආබාධ සමහර ආවස්ථාවලදි ස්කින් රෑෂස් වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. මේ ඇති වන රෝග නිසා සමහර අවස්ථාවලදි සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා බ්‍රොන්කයිටීස්.. එහෙම නැත්තන් නිව්මෝනියා වැනි රෝග තත්වයන්. කොවිඩ් වසංගතය තරම් දරුණු සහ බය විය යුතු වෛරස් එකක් නෙවෙයි.”
කායික රෝග විශේෂඥ වෛද්‍ය ශමිත දසනායක – කාසල් වීදියේ කාන්තා රෝහල
දෑත් සේදීම, මුඛ ආවරණයක් පැළදීම, සෙනඟ ගැවසෙන ස්ථානවල ආරක්ෂිත පියවර අනුගමනය කිරීම, හැකි තරම් ඡලය පානය කිරීම මගින් මෙම HMPV වෛරස තත්ත්වයෙන් ආරක්ෂා වීමට හැකි බවයි වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසන්නේ.