HIV ආසාදිතයන් ප්‍රමාණය ඉහළට වැඩි පිරිසක් පිරිමි පුදගලයන්

HIV

HIV වයිරසය ආසාදනය වීම 2020 විසි එක වගේ වසර වල තිබුනේ දෙසීයක් 300ක් අතර ප්‍රමාණයක්. නමුත් 2022 විසිතුනව වසර වල එම තත්ත්වය දෙගුණයක් වෙලා තියෙනවා.

2023 වසරේ රෝගීන් 694 ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් අපේ රට ගත්තොත් අඩු අවධානම් රටක් විදියට සැලකෙන්නේ. නමුත් පිරිමින් අතර HIV නව ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයේ විශාල වැඩිවීමක් පහුගිය වසර දහය තුළ දකින්නට ලැබෙනවා.

මීට අවුරුදු දහයකට විතර පෙර පිරිමින් දෙන්නෙකුට එක කාන්තාවක් කියලා අනුපාතෙන් තමයි නව රෝගීන් සොයා ගත්තෙ. නමුත් පහුගිය වසර දත්ත දිහා බැලුවහම පිරිමින් හතකට කාන්තාවන් එකක් කියන අනුපාතය තමයි දකින්නට ලැබෙන්නේ.

විශේෂයෙන් සඳහන් කරන්න ඕන නව රෝගීන්ගෙන් සියයට පහළොවක්ම වයස අවුරුදු පහළොවත් විසිහතරත් අතර නව යෞවන යෞවනියන් . ඒකට හේතුව විදිහට අපි දකින්නේ ඇත්තටම ජංගම දුරකථන ඇතුළු නොයෙකුත් නවීන තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහකරුවන් සොයා ගැනීමට යාම.

එහෙමත් නැත්නම් නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හෝ යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වීම වැනි කාරණා මෙම තරුණ තරුණියන් අතර නව ආසාදිතයන් වැඩිවීමට කාරණාවක් විදියට සොයාගෙන තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *