E8 VISA වල ඇත්ත නැත්ත විජිත හේරත් රටට හෙළි කරයි

VISA

විජිත හේරත් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ කිසිදු පුද්ගලයකුගේ වංචාකාරී ක්‍රියා සදහා හසු නොවන ලෙසයි . කවුරුත් දන්නා E8 VISA ලබා දීමේ සිද්ධිය. E8 VISA කියන්නේ දකුණු කොරියාවට තාවකාලික පදනම මත මාස 6ක පමණ කාලයක් සදහා කෘෂිකාර්මික කටයුතු , ධීවර කටයුතු සදහා අපේ ලාංකිකයන් යැවීම පිළිබද ගිවිසුමක්.

ඒ ගිවිසුම කිසිම ආකාරයක නිත්‍යානුකු ගිවිසුමක් නොවේ. ලංකාව සහ දකුණු කොරියාව හෝ වෙනත් රටක් එක්ක විදේශ රැකියා පිලිබදව ගිවිසුමක් අත්සන් කරනවා නම් රජයන් දෙක අතර ගිවිසුම් අත්සන් කරන්න අපේ කැබිනට් මණ්ඩලයෙන් පූර්ණ අනුමැතියක් ලබා ගත යුතුයි.

විදේශ අමාත්‍යංශයත් විදේශ රැකියා පිළිබද අමාත්‍යංශයත් අත්සන් කරන MOU එක පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා තමයි කටයුත්ත වෙන්නේ. නමුත් කියන්න කණගාටුයි හිටපු කම්කරු ඇමතිවරයා එයා පවුද්ගලිකව කොරියාවේ ප්‍රාන්තයක් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ.

හැබැයි ඒ ගිවිසුමේ කොපියක්වත් විදේශ සේවා නියුක්තු කාර්යාංශයේ නැහැ. ඒක පවුද්ගලික ඒජන්සිකරුවන් අතේ තියෙන්නේ . එක කිසිදු ආකාරයක නිත්‍යානුකුල එකක් නෙමේ. වගකිවයුතු ඇමතිවරයෙක් විදිහට ඒ ඇමතිවරයාට වගකීමක් තිබුනා ඒ අත්සන් කරන MOU එක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගෙන විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අරගෙන කොරියාව සහ ශ්‍රී ලංකාව අතර නිත්‍යානුකුලව අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න.

ඒකේ අවසාන ගොදුරු බවට පත් වුනේ අහිංසක තරුණ තරුණියන් . මේ කිසි දෙයක් දන්නේ නැතිව . ඒ අය එක් එක් ඒජන්සි වල ලියාපදිංචි වෙලා කොරියාවට යන්න ඉල්ලුම් කරලා තිබුනා . කොරියානු තානාපති කාර්යාලයෙන් VISA ලබා දී තිබුණා . කොරියාවට ඒක ප්‍රශ්නයක් නැහැ . කොරියාවේ නීතියට අනුව කොරියාවේ ප්‍රාන්තයකට පුළුවන් එහෙම ගිවිසුම් අත්සන් කරන්න .

හැබැයි අපේ රටේ නීතිය අනුව එහම බැහැ. පළාත් සභාවට එහම ගිවිසුම් අත්සන් කරන්න බැහැ . මධ්‍යම ආණ්ඩුව තමයි බලය තිබෙන්නේ . මේ අනීතික ක්‍රියාවලිය නිසා තමයි මේ E8 VISA වලින් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්වුණේ . රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ ක්‍රමවේදය නීතියනුකුල කරන්න අප මැදිහත් වනවා ඒ නීතියනුකුල කරාට පස්සේ ඔබට නීතියනුකුලව විදේශ රැකියා අවස්ථා ලබා දෙනවා සහ ඒ මැදිහත් කිරීම කරමින් සිටිනවා .

ඒ වගේම අපේ රටේ මේ තියෙන ප්‍රශ්නයත් එක්ක බොහෝ පිරිස් විදේශ රැකියා සදහා ගිහිල්ල විවිධ අක්‍රමිකතවයන්ට ගොදුරු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *