Club වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10 ) නියෝග කර තිබෙනවා. එහිදී සැකකරුවන් 8 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර තිබුණා.
සැකකරුවන් 8 දෙනාට විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත්, සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි පනවමින් විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
පසුගිය ඡුලි මස 08 වන දා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් සිටියදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් Club වසන්තට වෙඩි තබා ඝාතණය කර කෙරුණා. එහිදී වෙඩි වැදීමෙන් තවත් අයෙකු මිය ගිය අතර අදාළ ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.