CLEAN SRI LANKA වියාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් රිය අනතුරු හා රථවාහන තදබදය අඩු කිරීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී තිබෙනවා .
එහි පළමු මෙහෙයුම මගින් රථ වාහන වල විවිධ නාද රටා විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර දාවනය නීති විරෝධී සවිකිරීම් ඝෝෂාකාරී නලා සවි කිරීම් අධික ශබ්ද සහිත සයිලන්සර් අනතුරු ඉහළ යන ආකාරයේ අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.
දෙවැනි මෙහෙයුම මගින් සිදු කරනුයේ උපාය දූතයන් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණ කර ගැනීමෙන් පසු ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමයි . මෙම මෙහෙයුම ජනවාරි හතරවෙනිදා සිට ජනවාරි දහනම වෙනිදා දක්වා සති එකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර CLEAN SRI LANKA ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන බස් රථ පරීක්ෂාව ඊයේ දිනයේදී පොලිසිය මැදිහත්වීමෙන් බේරුවල ප්‍රදේශයේදී සිදු කෙරුණා.
CLEAN SRI LANKA ව්‍යාපෘතියට සහාය පළ කරමින් හෝමාගම කිරිවත්තුඩුව මූන මලේ වත්ත ශ්‍රී සුබෝධි දහම් පාසලේ දරු දෙවියන් එක්ව විහාරස්ථානය අවට පිරිසුදු කිරීමේ වැඩසටහනක් අද සංවිධාන කර තිබුනා.
විශේෂයෙන්ම දහම් පාසල් දරුවෝ , දෙමව්පියෝ හාමුදුරුවරු ගුරුවරු මේ සඳහා අත්වැල් බැඳගෙන කටයුතු කරමු කියන පණිවිඩය අද දවසේ ලබාදෙනවා. මේ අතර CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව සිදු කරන බස්නාහිර පළාතේ බස් තැවතුම්පොළවල් පිරිසිදු කිරීම අද ආරම්භ කළා. එම අවස්ථාවට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවීර මහතා ද එක්ව සිටියා.
” මේ පරිසරය විතරක්ම නෙවෙයි දූෂණය කරලා තියෙන්නේ මේ system එක. අපේ රටේ පරිසරයට කරපු හානියට වඩා බරපතල හානියක් මිනිස් සන්තානයට මිනිසත් අධ්‍යාත්මක කරලා තියෙනවා. එනිසා මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිල්ල තුළින් මිනිස් අධ්‍යාත්මක ගොඩනැගීමත් එය මිනිස්සු ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ මේ රට ගොඩනගන්න පුළුල් දෙයක් කරගෙන යන්න අන්න ඒ අන්තය දක්වා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි .