CID ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි

ගෝඨාභය රාජපක්ෂ

” අද වන කොට මේ දවස් 120 ආණ්ඩුව සමස්ථයක් විදිහට ෆෙයිල්. ඒක නිසා ආණ්ඩුව ඉදිරි පැවැත්ම වෙනුවෙන් දේශපාලන දඩයම පටන් ගෙන තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ 36 අවුරුදු යුධ සාපය භාරගත් නායකයා , කොවිඩ් වසංගතය භාරගත් නායකයා අද එතුමාව අභූත චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙන්නා ඇති බව සුගීෂ්වර පවසයි.

2006 වසරේ තමයි මේ කතරගම ප්‍රදේශයේ මේ ඉදිකිරිම කරලා තිබෙන්නේ. මේකේ කොහෙවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නමට මේ ඉඩම නැති බව ද ඔහු ප්‍රකාශ කළා. “

තවදුරත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා

“මේකේ තිබෙන එකම දේ විදුලිය ලබා ගැනීමේදී සදහන් කරලා තිබෙනවා G. රාජපක්ෂ කියල. G. රාජපක්ෂ කියල කියන්නේ ගෝඨාභය රාජපක්ෂ විතර ද? ගුණතිලක රාජපක්ෂ වෙන්න පුළුවන් , ගාමිණී රාජපක්ෂ වෙන්න පුළුවන්. ඉතින් මේක සම්බන්ධයෙන් තමයි ජනාධිපතිතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙනහිල්ලා මේ ප්‍රශ්න කරන්නේ. ඒක නිසා මේක සම්පූර්ණ දේශපාලන පලිගැනීමක්. අපි මේ දේශපාලන පළිගැනීම තරයේ හෙලා දකිනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *