2022 වසරේ දෙසැම්බර් 03 දා මැදියම් රැයේ සිය පියා විසින් මවට පහර දී ඇති බව පවසමින් අසල්වැසි නිවසට ගොස් මෙලෙස උදව් උපකාර ඉල්ලා සිටින්නේ Australia වෙසෙන ශ්‍රී ලාංකික දියණියක්. පසුව නිවැසියන් විසින් නිවසේ ඉදිරිපස දොරටුව විවෘත කරනු ලැබුවා. පසුව නිවැසියන් විසින් අසල්වැසි නිවසේ සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය දැනනුවත් කළත් ඒ වනවිටත් ඇය මිය ගොස් තිබුණා.
මෙම වරදට මෙම කාන්තාවගේ සැමියා වන දිනූෂ් කුරේරා අත්අඩංගුවට ගත් අතර ඔහු තම බිරිද ඝාතනය කළ බව පිළිගත්තා. නමුත්, ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක් ගත් බව පවසමින් මිනී මැරුම් චෝදනාවට වරද පිළිගැනීම ඔහු ප්‍රතික්ෂේප කර තිබුණා. මිය ගිය කාන්තාවගේ දරුවන් දෙදෙනාගේ ද සති 4 ක පමණ කාලයක් සාක්ෂි විමසීමෙන් අනතුරුව Australia වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබාදෙනු ලැබුවා.
ඒ අනුව තම දරුවන් ඉදිරිපිට සිය බිරිද පොරවකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ දිනුෂ් කුරේරා හට වසර 37 ක සිර දඩුවම් නියම කිරීමට Australia අධිකරණය තීන්දු කළා. දිනූෂ් කුරේරා හට මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා අයදුම් කිරීම සඳහා ද වසර 30 ක සිර දඩුවම් කාලයක් සම්පූර්ණ කළ යුතු බවද අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.