මේ දිනවල ඉන්දියාවේ නව ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන පුෂ්පා 2 චිත්‍රපටයේ පුෂ්පරාඡ්ගේ චරිතයට පණ පොවන සුප්‍රකට නළු අල්ලු අර්ඡුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හයිද්‍රාබාද් හි සිනමා ශාලාවක පැවති එම චිත්‍රපටයේ මංගල දර්ශනයේදී සිනමා රසිකයෙකු මරණයට පත් වීම සම්බන්ධයෙන්. එම මංගල දර්ශනය අතරතුර අල්ලු අර්ඡුන් දැකබලා ගැනීමට විශාල ඡනකායක් එක්රැස් වීමත් සමඟ ඇති වූ තෙරපීමත් සමඟ නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා.
ඒ අවස්ථාවේදී සිනමා ශාලාවේ ප්‍රධාන ගේට්ටුවද කඩා වැටී ඇති අතර 35 හැවිරිදි කාන්තාවක් ඡිවිතක්ෂයට පත් වුණා. ඇයගේ නව හැවිරිදි පුත්‍රයාද බරපතල තුවාල ලැබුවා.
ඒ අනුව සාපරාධි නොසැලකිලිමත්කම සහ තුවාල කිරීම සම්බන්ධයෙන් අල්ලු අර්ඡුන්ට චෝදනා ගොනු කෙරුණා. කෙසේවෙතත්, පසුව මහාධිකරණයේ නියෝගයක් පරිදි ඔහුව ඇප මත මුදා හැරුණා.