පසු ගිය දා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ එම විභාගය පැවැති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගි වූ සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.
ප්‍රීති පද්මන් සූරසේන , අචල වෙන්ගප්පුලි සහ මහින්දයන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.