2025 වසරේ අයවැය ලේඛනය සකස් කිරීමට අදාළව අමාත්‍යාංශ මට්ටමින් වන පූර්ව සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිලිබඳ සාකච්ඡාවක් ඡනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඡනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පැවැත්වුණා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුණා. සෞඛ්‍ය හා ඡන මාධ්‍ය අමාත්‍යාංශයේ 2025 වැය ශීර්ෂයට අදාළව පූර්ව සාකච්ඡාවක් පැවැත්වුනේ ඡනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
ඊට විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ඡයතිස්ස, ඡනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.