ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට කවුරු හරි කියනවා නම් පඩි ගන්නැතිව වැඩ කරන්න කියල කරන්න බැහැ. එයාට පඩිය දෙන්න ඕන. එයාගේ දීමනා දෙන්න ඕනි. පසුගිය 2023 වසරේ 2022 වසර විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් ලෙස නම් කළා.
විදුලිබල මණ්ඩලය පාඩු කලේ කවුද කියල ඉස්සරහිදී අපි පෙන්වන්නම්. අපි පෙනේ පුප්පනවා හෙට අනිද්දට. විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් අතලොස්සක් ඔබට කියන්න බිලියන ගණනාවක් විදුලි බල මණ්ඩලයේ බිල් තමන්ගේ එකවුන්ට් නම්බරේ ලියල තමන්ගේ එකවුන්ට් එකට දාගත්තා.
තාමත් අධිකරණයේ පවතිනවා නීති. 2021 ඉදල. හැබැයි විදුලිබල මණ්ඩලය සතු උපකරණ පාවිච්චි කරලා ඒ වියාපෘති වලට තොග සැපයුම් සපයලා තිබෙනවා. හැබැයි ඒ ආයතනයෙන් ගෙව්වා චෙක් එක මේකේ ඉහළ නිලධාරීන් තමාගේ එකවුන්ට් එකට දාගෙන තිබෙනවා. ආයතනය ඉල්ලන්නේ එකවුන්ට් නම්බරේ දාන්නේ නැතිව මුදල විතරක් ලියල දෙන්න කියල.
දැන් ඒවා විභාග වෙමින් යනවා. අපි හෙට අනිද්දාට ඒ සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගන්න තීරණය කරලා තිබෙනවා. ඒ නිලධාරීන්ට බෝනස් ඕනි නැහැ . ඒ ගොල්ලන්ට වැටුප් ඕනි නැහැ . ඒ ගොල්ලෝ ගෝඨාභයගේ කාලේ 100% කින් වැටුප් වැඩි කර ගෙන විශ්රාම ගියා. ඒ අයට විශ්රාම වැටුපත් ඕනි නැහැ.