ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ඡිවිත අනතුරට පත් කිරිමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින අදාළ එන්නත් ආනයනය කළ සමාගමේ හිමිකරු වන සුදත් ඡානක රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් පසුගියදා නියෝග කරනු ලැබුවා. එහිදී සැකකරුගේ සෞඛ්‍ය තත්වය හේතුකොටගෙන ඔහුව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ රදවා ප්‍රතිකාර ලබා දීමටයි තීරණය කළේ.
ඊට අදාළ නඩුව ඊයේ දින මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් හමුවේ කැදවුව ද සැකකාර සුදත් ඡානක අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර සුදත් ඡානක ප්‍රනාන්දු නැමැත්තා ඡනවාරි මස 15 දා දක්වා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත නැවත යොමු කිරීමටයි.
මේ අතර ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝඡනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182 ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම පිලිබඳව හිටපු ඡනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් ලබන සතියේ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අදාළ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව එවකට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදිය යුුතු බව අධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවා. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩලයේ සාමාඡිකයින් වූ නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ඩග්ලස් දේවානන්දා, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, විඡයදාස රාඡපක්ෂ, විදුර වික්‍රමනායක, කංචව විඡේසේකර ඇතුළු පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණා.
නමුත් එම අමාත්‍ය මණ්ඩලයේ සිටි හිටපු ඡනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වනතෙක් ප්‍රකාශ ලබා දී නැහැ. මේ වනවිට ඉන්දියානු සංචාරයක නිරතව සිටින හිටපු ඡනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමවා යළි දිවයිනට පැමිණි පසු ඔහුගෙන් හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවෙස්වලට ගොස් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.