හිරුණිකා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබදව මාධ්‍යවේදීන් සමග දැක්වූ අදහස්
මෙහෙමයි මගේ නම යෝජනා වෙලා තියෙනව නොයෙකුත් පාර්ශවයන් විසින්. ජාතික ලැයිස්තුවක් මට ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් මේ වෙනකොට නායකතුමත් මහලේකම්තුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු දෙනා ජාතික ලැයිස්තුව සාකච්ඡා මට්ටමේ තියෙනවා. හිතන විදිහට ඒක තාම අවසානයක් කරල නෑ. ෆයිනලයිස් කරලා නෑ.
දැනට ගැසට් කරලා තියෙන්නේ අපේ මහලේකම්තුමාගේ නම විතරයි. තව ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර හතරක් තියෙනවා. ඒකෙන් කාන්තාවකට මේ ජාතික ලැයිස්තුවක් ලබා දෙනවා නම් ඉතින් කොහොමත් ඒකට සුදුසුකම් මං සපුරනවා කියලා මම විශ්වාස කරනවා.
ඉතින් නායකතුමා මම සියයට සීයක් විශ්වාස කරනවා. වගේම ඔහුත් මාව සීයට සියයක් විශ්වාස කරන බව මම දන්නවා. මම පක්ෂය වෙනුවෙන් විපක්ෂය ආරම්භ කරපු දවසේ සිට ගම් දනව් පුරා කාන්තාවන් එක් රැස් කරමින් නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමක් කරපු කෙනෙක්.
ඉතින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් කාන්තාවකට හිමි වෙනවා නම් ඒකට සුදුසු කෙනා මම කියන එක මම විශ්වාස කරනවා. කිසිම කකුලෙන් ඇදීමක් සිද්ධ වෙන්නෙ නෑ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහෙන් එකක් සාමාන්‍යයෙන් කාන්තාවකට ලබා දෙන බව තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ .ඇත්තටම පක්ෂයේ කාන්තාවන් ඔක්කොම අරගෙන බලනකොට ඒකට සුදුසුකම් සපුරන්නේ මං කියලා මම විශ්වාස කරනවා යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය