හරීන් කෝටි 32ක සංදර්ශන පෙන්වලා

හරීන් කෝටි 32ක සංදර්ශන පෙන්වලා

හරීන් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කල ස්මාර්ට් සංගීත සංදර්ශන මාලාව සදහා රුපියල් තිස් දෙකෝටි 33 ලක්ෂ අනූතුන් දහස් දෙසිය හතලිස් නවයක මුදලක් වැය කර ඇතැයි අනාවරණයට වෙනවා. ඒ අදාළ වියදම් සම්බන්ධයෙන් තරුණ සේවා සභාව කළ විගණනයකදී. එම ප්‍රසංග මාලාව මහරගම ජාතික තරුණ සේවාව අධ්‍යස්ථානය ගාල්ල අම්පාර කුලියාපිටිය පුත්තලම දඹුල්ල යාපනය මහියංගණය හැටන් හිඟුරක්ගොඩ බණ්ඩාරවෙල වැලිසර කොළඹ තුරග තරග පිටිය සහ කෙත්ජාතාරාම ක්‍රීඩාංගනයෙදී පවත්වා තිබෙනවා. අදාළ කාලය තුල ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ එවක ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ . මෙම විගණන වාර්තාව සියලු ඇමුණුම් සහිතව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා . මේ අතර තරුණ කටයුතු නියෝජ්‍යා අමාත්‍ය එරංග ගුණසේකර මහතා උපදෙස් දී ඇත්තේ මෙම අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *