“දැන් දිනපතා එනවා එකක් එළියට. උපාධිය බොරු ආචාර්ය උපාධිය බොරු. උසස් අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඉන්දියාවේ. උසස් අධ්‍යාපනය නෑ. පිස්සුවක් හැදුනනේ විද්වත් කියලා. මේ දොස්තර පට්ටම්, ආචාර්ය පට්ටම් දන්න දන්න කෙනාට ගැහුවා.
දැන් මේවා ඔක්කොම සමාඡයේ විහිළුවට ලක් වුණා. මේ වුණේ උපරිම තලයට බොරුව ගෙනිච්චා. උපරිම තලයට දූෂණය ගෙනිහිල්ලා තියෙන්නේ. අනිත් මිනිස්සු දූෂිතයි කියනවා. දැන් අපෙන් අහනවා එස්.එම්. චන්ද්‍රසේන කොහොමද සර්වඡන බලයට එකතු කරගත්තේ කියලා. මට අනුර කුමාරගෙන් අහන්නට තියෙන්නේ.. දැන් එස්. එම්. කියන්නේ මහ පොළොවේ දේශපාලඥයෙක්.
හරිනි අමරසූරිය මැතිණිය. පොඩි පහේ කේස් එකක් ද? ඔවුන්ම කවි ලියන ආකාරයට වලව් පැලැන්තියකින් එන එතුමිය ලංකාවේ උසස් අධ්‍යාපනයවත් ලබලා නෑ. එතකොට දැන් අනුර කුමාරගේ අගමැතිතුමිය කවුද? ධනපති පන්තියේ උපරිම නියෝඡනය. අපිවත් ආශ්‍රය කරන්නේ නෑ කොළඹ. දැන් මේවා පුට්ටු කරන්න පුළුවන් නම්, අදූෂිත ලේබලය ගහලා, අර ගමේ ඉන්න අහිංසක මිනිහා පොල් ගෙඩි ටික විකුණලා පක්ෂෙට ආධාර කළේ. දන්නවද මේ කොළඹ නටන නාඩගම? මගේ වාහනේ තිබුනේ ප්‍රියා සූරියසේනගේ සීඩී. විඡිතගේ වාහනේ තියෙන්නේ ඇබා. අර අහිංසක කාඩර්වරු බබාලා කරේ මේ ඇබාලා.”
දිලිත් ඡයවීර – පාර්ලිමේන්තු මන්ත්‍රී – සර්වඡන බලය