මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදාව පාවිච්චි කලේ හරක් බල ගන්න කියල . මම නම් දන්නේ නැහැ හම්බන්තොට දිස්ත්රික්කයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට චන්දය දීපු පාක්ෂිකයන්මයි ඔබ තුමාලට දුන්නේ . ඒ සියලු දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෙදරට ගිහිල්ල තිබෙනවා . වීර කැටියේ වත්තට ගිහින් තියෙනවා. හැබැයි එහෙ කොහෙවත් හරක් හිටියේ නැහැ බලාගන්න.
හමුදාව පොල් පැල වලට පොහොර දාන්න තියා ගත්තලු. එහෙම කිසිම තැනක හමුදා නිලධාරීන් පාවිච්චි වුනේ නැති බව චානක මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම දේශපාලන පළි ගැනීමක් බවත් මෙය විය යුතු නැති දෙයක් බවත් එතුමා පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ සංවර්ධන නිලධාරීන් මාලිමාවට වැඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා බවයි . ලාල් කාන්ත මහතා දිපූ පොරොන්දු ඉටු කරන්නේ ඒක එක නිලධාරියාව ඇතුළට දාලා බවයි එතුමා පැවසුවේ .