ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය ආරම්භ කිරීම එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් බත්තරමුල්ල පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.
ප්‍රාදේශීය මැතිවරණය ඉලක්ක කර ගත්තා වගේම මේ වසර කිහිපය තුළ ලංකාවේ සෑම මැතිවරණ කොට්ටාසයක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආවරණය කර ගනිමින් ගමේ ශක්තිමත් යාන්ත්‍රණය නැවත වරක් ගොඩනගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ආරම්භ කල බව නාමල් රාජපක්ෂ පවසා සිටියා.
ඔහුත් සමග සිටින සෙනග දකින්න දකින්න ඔවුන්ට කරදර වැඩි වන බවත් ඔවුන් කරන්නේ දේශපාලනය බවත් සමහර පක්ෂ විශ්වාස කරන්නේ මර්ධනයෙන් පමණක් ඔවුන්ගේ දේශපාලනය ගොඩනගා ගත හැකි බවයි. ඔවුන් මර්ධනයට මුහුණ දෙන බවත් පළි ගත්තාට කමක් නැති බවත් පාක්ෂිකයගෙන් පළි නොගන්නා ලෙසත් නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කළා.
ඊට හේතු ලෙස ඔහු සදහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 69 ලක්ෂයක් චන්ද මෙවර අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බවයි. එම ජන වරම ආරක්ෂා කිරීමේ වගකීමක් ආණ්ඩුවට ඇති බවත් එය ආරක්ෂා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.