සීගිරිය හැදින්වෙන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් මෙරට සුවිශේෂී දුර්ලභ බලකොටුවක් ලෙසින් . විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමටත් සීගිරිය ආශ්රිත පුරාවිද්‍යා පරිශ්‍රයේ සංචාරයට දක්වන්නේ දැඩි කැමැත්තක් .
කෙසේ වුවත් මේ වන විට විදෙස් සංචාරකයන්ට සහ දේශීය සංචාරකයන්ට එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා. ඒ වන අලි තර්ජනය උග්‍ර වීම හේතුවෙන් සහ කසල කළමනාකරණයට ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
ගම් වැසියන් පවසන්නේ සීගිරියේ නව නගරයේ වාහන නැවතුම්පොළ අසලට කැලිකසල බැහැර කිරීමෙන් පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බවයි. මේ හේතුවෙන් රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේ වන අලීන් පැමිණ කැලිකසල ආහාරයට ගැනීමට පුරුදු වී ඇති බවයි ප්‍රදේශ වාසීන් පෙන්වා දෙන්නේ.
මෙම ගැටලුවට විකල්ප හදුන්වා දී සංචාරක මරමස්ථානය රැකගැනීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.