බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පිහිටි මහල් 24 න් සමන්විත නිවාස සංකීර්ණයක 12 වැනි මහලින් මෙම සිසුවිය බිමට පැන තිබුණේ ඊයේ (11) රාත්‍රීයේදී යි. 16 හැවිරිදි එම සිසුවිය කොළඹ ඡාතික රෝහලට ඇතුළත් කිරිමේදී ඡිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම සිසුවිය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක්. එම සිසුවිය කලක පටන් මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවට සිසුවියගේ මව ප්‍රකාශ කර ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන බොරැල්ල පොලීසිය සඳහන් කළා. එමෙන්ම මෙම සිසුවිය මානසික ආතතියෙන් පෙලීම නිසා ඇයගේ සිතේ නැගෙන සිතුවිලි කොළයක සටහන් කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබුණු බවද පොලිසිය පැවසුවා. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කෙරුණු අතර අනතුරුව දේහය ඥාතීන්ට භාර දුන්නා.
“ එක පැත්තකින් මේ අධ්‍යාපනයේ තියෙන තරගකාරීත්වයත් එක්ක ඒ අය පීඩාවට පත් වෙලා. මේ ඡිවිතයට හානි කරගන්න උත්සාහ කරන අය බොහෝමයක් අපිට ගලවා ගන්නට පුළුවන් දැඩි පරීක්ෂාවකින් යුතුව හිටියොත්. මේ ගැන විශාල වගකීමක් තියෙනවා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. මේ දරුවෝ වෙනදට වඩා කේන්තියෙන් ඉන්නවද, තරහ අරගෙන රණ්ඩු කරන්න එනවද, එහෙම නැත්තන් අනිත් අයගෙන් වෙන් වෙලා හුදකලාව ඉන්න උත්සාහ කරනවද, ඒ වගේම මේ අය ඇසුරු කරන අය කවුද.. මෙන්න මේ පිලිබඳව දෙමව්පියො වගේම ගුරුවරුත් සැලකිලිමත් වෙන්න ඕන. මේ පිළිබඳව සැලකිලිමත් වෙලා මේ දරුවො ගලවගන්නට මුල් අවස්ථාවේදීම උත්සාහ කරනවා නම් මේ තත්වය අඩු කරගෙන මිය යන ඡිවිත ගලවගන්න පුළුවන්. මේ තත්වය පාසලේදි හෝ ගෙදරදි කරන්න බැරිනම් ලගම තියෙන මානසික රෝහලට ගිහිල්ලා මානසික සෞඛ්‍ය සේවයක පිහිට පතන එක ඉතාම වැදගත්.”
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් – කරාපිටිය ශික්ෂණ රෝහල