සාධාරණය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආ මව හැඬූ කදුළින් කියූ දේ

lankaccnews.com

කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලෙන් පැන විදේශකයෙකු සීයදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය හයවෙනිදා අපට වාර්තා වුණා. එම පුද්ගලයා බිමට පැනීම වැළැක්වීමට පොලිස් නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරුවාත් එය සාර්ථක වූයේ නැහැ. මිය ගිය පුද්ගලයා පනස් එක් කැවරදී ඔස්ට්‍රේලියා පුරවැසියෙකු වන අතර ඔහු මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බවට පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබුණා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ඥාතීන් මෙරටට පැමිණ පසු ගිය දින වල මේ පිළිබඳව සොයා බලා තිබෙනවා. ඒ අනුව ඔවුන් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ මෙය සිය දිවි නසා ගැනීමක් නොවේ ඝාතනයක් බවයි .

මගේ ප ුතා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තීරණයක් ගන්න ඕනේ. ඔවුන් මගේ පුතාට කලේ කුමක්ද කියලා දැනගන්න ඕනේ. කරුණාකරලා මේකට මොකක් හරි කරන්න. මගේ පුතාට සාධාරණයක් වෙන්න ඕන. මගේ දරුව නැතිවීම මට දරා ගන්න බැහැ.

ඕස්ට්‍රේලියා ජාතිකයාගේ මව

මගේ සහෝදරයා ඉතාම කරුණාවන්ත කාරුණික හදවතක් තියෙන මනුස්සයෙක්. එයාගේ පවුල අයට විතරක් නෙමෙයි ඔහු වටේ සිටි සියලු දෙනා එක්කම ඔහු ආදරෙන් කාලේ ගත කළා. එයාට තියෙන්නෙ මොකක්ද ඒකත් එයා දුප්පත් අයට දෙන කෙනෙක්. හැම වෙලාවෙම එයාගේ හදවත වැඩ කළේ දුප්පත් සහ අවශ්‍යතා සහිත අය වෙනුවෙන්. මට තවම විශ්වාස කරන්න බෑ ඔහු අප අතහැර ගියා කියලා . එයා බිමට වැටිලා මිනිත්තු හතළිහක් විතර එතන ඉඳලා තියෙනවා මරණය සමග පොර බදිමින්. කිසි කෙනෙක් එයාව අවරෝහලට අරගෙන යන උත්සාහ කරල නැහැ. ගිලන් රථය පවා පරක්කු වෙලා තියෙනවා. අනේ කරුණාකරලා මේ දේ මගේ සහෝදරයාට කලේ කවුද කියලා හොයා ගන්න. අපට යුක්ති අවශ්‍යයි. ඔහු කවදාවත්ම සියදිවි හානි කර ගන්නේ නැහැ. මොකද එයා කොහොමටවත් ඒක කරන්නේ නැහැ

ඕස්ට්‍රේලියා ජාතිකයාගේ සහෝදරියක්

මගේ සහෝදරයාව ඝාතනය කරලායි තියෙන්නේ. මොකද අනවසර ඇතුළු වීමක් තියෙනවා. ඔහුගේ දොර කඩලා තියෙනවා. ඔහු අපහසුතාවයට පත් කරලා තියෙනවා. උස් හඬින් වචන හුවමාරුවක් වෙලා තියෙනවා. මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙය තවත් පවුලකට වෙන්න දෙන්න එපා. මම ඔබෙන් අයදිනවා . අපට මේ වෙලා තියෙන දේ තවත් පවුලකට වෙන්න දෙන්න එපා කියලයි මං මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ. මෙ වීඩියෝ එක දිහා හොඳින් බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ කියලා.

ඕස්ට්‍රේලියා ජාතිකයාගේ සහෝරයෙක්

අපි මේ රටට එන්නේ ආදරණීය මතක එක්ක. අපි මෙහෙන් යන්නෙත් ඒ ආදරණීය මතක එක්ක. නමුත් මේ අවුරුද්දේ දුක විතරයි. දුක්මුසු මතක විතරයි අපට ඉතුරු. දුක්ඛ දායක නත්තලක් මේක. එයාගේ අවසරය නැතුව එයාගේ මහල් නිවාසය කැඩුවේ කවුද?. රෝහල් වාර්තාවලට අනුව මගේ සහෝදරය මැරිල තියෙන්නේ උදේ නවය හතළිස්පහට. එයාව රෝහලට ඇතුළත් කරපු වෙලාව හැටියට දැක්වෙන්නේ ආසන්න වශයෙන් උදේ නවයට. එයා බිමට වැටුනට පස්සේ එයා තන බිස්ස මත විනාඩි 30ක් හතළිහක් විතර ඉඳලා තියෙනවා.

අපි ඒකට අදාළ දර්ශන ඉල්ලුවා කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේන් . ඔහු කියනවා ඒ කැමරා තිබිලා තියෙන්නේ අනිත් පැත්තට හැරිලාලු. එක කොහොමද වෙන්නේ එයා කියනවා ඔයාට කිසි දෙයක් දෙන්න බැහැලු. මොනවද ඔබට තියෙන සාක්ෂි මට පෙන්වන්න පුළුවන්ද කියලා මම ඇහුව්වා . එයා කිසි වචනයක් කතා කළේ නැහැ ඒ ගැන . අන්න ඒ නිසා කියන්න පුළුවන් එයා බොරු කියනවා කියලා. රථවාහන රාජකාරී නිලධාරියක් කියනවා මගේ සහෝදරයා අසීමිත විදිහට අඩමින් හිටියා. සත්‍ය සොයා ගැනීම සඳහා කරුණාකරලා අපේ පවුලට උදව් කරන්න. කරුණාකරලා පරීක්ෂණ කරලා අපිට උත්තර දෙන්න. අපිට ඇත්ත කියන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට මම මේ පණිවිඩය කියා සිටිනවා.

ඕස්ට්‍රේලියා ජාතිකයාගේ තවත් සහෝරයෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *