සහල් මිළට ඉදිරියේදී සිදු වන දේ

සහල්

වී නිෂ්පාදනයේ අතිරික්තයක් තිබුණත් සහල් වෙළදපොළේ හිගයක් තිබෙනවා. අපි මේ වෙන කොට සොයා බැලුවා වී ගබඩා වල වී තිබෙනවා. සහල් එන්නේ නැහැ . මේකට කෙටි කාලීනව තිබෙන උත්තරේ තමයි ආණ්ඩුව තීරණයක් අරන් තිබෙනවා සහල් මෙට්‍රික් ටොන් 70 000 ක් ආනයනය කරන්න. මේ වෙන කොට ටෙන්ඩර් කැදවා තිබෙනවා.

ඉදිරි සති දෙකක් තුනක් ඇතුළත රටට සහල් ගෙනත් සහල් වෙළදපොළේ ඇති වෙලා තිබෙන තත්වය සමනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම මෝල් හිමියන් කැදවල ඔවුන් ලග තිබෙන සහල් වෙළදපොළට නිකුත් කරන්න කියල ඉල්ලීම අපි සිදු කරා.

බොහෝ අය ඉල්ලීම් කරනවා වටලලා සහල් ටික වෙළදපොළට ගෙනත් දෙන්න කියල . ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා සහල් පාලන මිලට ලබා දෙන්න අදාළ කටයුතු කරන්න .

එහෙම නොවෙනවා නම් ඔවුන්ට ඉදිරියට ප්‍රථිපලය හොද නොවෙන කාරණයත් ඔවුන්ට සදහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *