ඡනාධීපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ඡනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුූණු අතර ඊට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් ද එක්ව සිටියා. මෙහිදී, දැනට ක්‍රියාත්මක සහල් සඳහා උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදන දෙකට පරිබාහිරව නව උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය වී තිබෙනවා.
2022 වසරේ මැයි මස 02 දා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක්, සම්බා කිලෝවක් රුපියල් 230 ක් සහ කීරී සම්බා කිලෝවක් රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිල දැක්වුණා. පසුව රතු සහ සුදු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 210 ක් වශයෙන් එම වසරේදී ඡුනි මස 10 දා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් උපරිම සිල්ලර මිළක් නියම කෙරුණා.
අද පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී එම උපරිම සිල්ලර මිළ ගණන් මෙන්ම තොග මිළද සංශෝධනය කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිළ රුපියල් 225 ක් සහ සිල්ලර මිළ රුපියල් 230 ක් වනු ඇති. සම්බා කිලෝවක තොග මිළ රුපියල් 235 ක් සහ එහි සිල්ලර මිළ රුපියල් 240 ක් ලෙස වෙළඳපොළට නිකුත් කිරීමට මෙහිදී තීරණය වුණා.
එමෙන්ම කීරී සම්බා කිලෝවක තොග මිළ රුපියල් 255 ක් වන අතර එහි සිල්ලර මිළ රුපියල් 260 ක් වනු ඇති. ඊට අමතරව සුදු කැකුළු කිලෝවක තොග මිළ රුපියල් 215 ක් සහ සිල්ලර මිළ රුපියල් 220 ක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව නාඩු, සම්බා සහ රතු සහ සුදු කැකැළු සහල්වල වෙළඳපොලේ මෙතෙක් පැවති සිල්ලර මිළ මෙම නව තීරණයත් සමඟ රුපියල් 10 න් වැඩි වනවා. කෙසේ වෙතත්, කීරී සම්බා සහල් දැනට ක්‍රියාත්මක මිළටම අළෙවි කෙරෙනු ඇති.
කෙසේ වෙතත්, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක පැවති පාලන මිළටම ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව ඉදිරි දින 10 තුළ අවධානයෙන් සිටිමින් ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඡනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
වී මිළදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොළී පහසුකම යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ඡනාධිපතිවරයා එබැවින් ඡනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට ප්‍රකාශ කළ බවයි ඡනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
225 කියන මිළ යටතේ… තොග මිළ..සිල්ලර… සිල්ලර 230 මිලට…එකඟයි.
දැන් මේ ගත්තු ප්‍රවේශය මං හිතන්නේ කාලෝචිතයි. හොඳ තීරණයකට අපි ආවේ.
මම කියන්නේ මේක අපි අවසන් කරන්න ඕන. දැන් හොදට තේරුම් ගන්න මේ වී කියන්නේ මොනවද? අපේ රටේ පාරවල්වලට ඇරුණු කොට වැඩිම ආයෝඡනය කර තිබෙන්නේ වාරි මාර්ගවලට. මහඡනයාගේ ධනයෙන්. ඒ වගේම සහනාධාරයක් හැටියට අපි වැඩිපුරම දෙන්නේ කෘෂිකර්මාන්තයට සහනාධාර.
ඒ මහඡනතාවගේ ධනයෙන්. ඒ වගේම යට කරලා තියෙන්නේ ඡනතාවගේ ඉඩම්. ඊට පස්සේ වී තොග එක්රැස් කරගැනීම සඳහා ණය දීලා තියෙන්නේ ඡනතාවගේ සල්ලි. ඒ නිසා අනිත් හැම ව්‍යාපාරයකටම වඩා මේක ඡනතාවට අයිතියි. අනිත් පැත්තෙන් ගත්තොත් ඡනතාවගේ ප්‍රධානතම ආහාරය. ඒ නිසා මේකත් එක්ක සෙල්ලං කරන්න බෑ ආපහු.
අපි කිසිදු ව්‍යාපාරයක් වට්ටන්න හරි, කිසිදු ව්‍යාපාරයක් අඩපන කරන්න හරි අපේ අදහසක් නෑ. ඕගොල්ලෝ දැකලා ඇති මම අවස්ථා ගණනාවකදී අපේ වී මෝල් හිමියන් ඒ කර්මාන්තය දියුණු කිරීම සඳහා දරණ ලඳ ප්රයත්නයට ස්තූතිවන්ත වෙලා තියෙනවා. අපේ රටේ හාල් කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙලා තියෙනවා. මම හිතන්නේ තොග මිළ 225 යි සිල්ලර මිළ 230 යි.
හැබැයි 225 ට දෙන්න ඕන, 230 ට දෙන්න ඕන. පාරිභෝගික අධිකාරී නිළධාරීන් හැම මෝලකටම දානවා හෙට ඉදන්. මොලෙන් එළියට යන හාල් ප්‍රමාණය පාරිභෝගික නිළධාරීන්ට වාර්තා කරන්න ඕන. හෙට ඉදන් දානවා. 225 ගානේ සතොසට දෙන්න ඕනකම තියෙනවා. අපි මේක සතියක්, දින 10 ක් බලාගෙන ඉන්නවා මේක ක්‍රියාත්මක වෙනවද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තන් ඊළඟ පියවර ගන්නවා.
මේ අතර මෙම සාකච්ඡාවට එක් වූ මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හිරු ප්රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා.
අපි රටේ නීතියට යටත්. රටේ නීතියට විදියට අපි බඩු භාණ්ඩ ගමු. ඒකෙන් වෙළඳ මහතුන්ට රුපියල් 5 ක් වට්ටමක් තියලා තියනවා. මේකට සහයෝගයක් වශයෙන් ලබන කන්නයේ අස්වැන්න ලැබෙනතුරු මේ මිල පවත්වාගෙන යන්න කියන යෝඡනාවට එකඟ වුණා. විශේෂයෙන්ම මිලදී ගන්න අය.. මිළදී ගන්න එපා ඊට වැඩියෙන්. ත්‍රිවිධ හමුදාවම වුනත් යොදවන්න කියලා මම පෞද්ගලිකවම ඉල්ලීමක් කළා. මේක පාලනය කරන්න බැරි නම්.. ඡනාධිපතිතුමා කිවුවා මේක කරන්න බැරි වැඩක් නෙවෙයි. එස්.ටී.බී. දාන්න ඕන නෑ කියලා . ඒ නිසා මේක සාර්ථක කරගන්න පුළුවන් සෑම උත්සාහයක්ම කරනවා.
වෙළඳපොළට ගියාම ඕන වෙලාවක වතුර නැතත් හාල් තියෙන්න ඕන. ඒකනේ ඇත්තම කතාව. දින කිහිපයක් ඇතුළත ඒ තත්වය අපි ගේනවා. මේ වෙනකොට ප්‍රායෝගිකව අත්විදින කාරණය තමයි ගොඩක් වෙළඳසැල්වල හාල් එකේ මිළක් ගහලා නෑ. හෙටින් පස්සේ ගහලා තියෙන මිළට තමයි ගන්න ඕන ඡනතාව…