සහල් මෝල් හිමියන් එක්ක මේ රටේ ජනතාවට අපිට හාල් ටික දෙන්න බැරි තත්වයක් අද වෙනකොට ඇතිවෙලා තියෙනවා. ඒක නිසා ඉන්දියාවෙන් එකසිය තිස්පහකට නාඩු සහල් කිලෝ එකක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා.
ඒ හින්දා මාස දෙකකට ඇතිවෙන්න හරි යම් ප්‍රමාණයක් අපි ආනයනය කරමු. හැබැයි ගෙන්නන හාල් ටික ඒ ආනයන කරුවන්ට ස්ටොක් කරගන්න නොදී කෙළින්ම වෙළඳපලට එන විදියට ක්‍රමවේදයක් හදන්න. හදලා ඉවරවෙලා අපි මේ මාස දෙක ඇතුළත මේ සහල් ප්රශ්නය විසඳලා ඊට පස්සේ ඔබතුමාලා වී ස්ටෝ කරල ඉවරවෙලා මේක පාලනය කරන්න.
මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මෝල් කාරයොත් එතකොට මට්ටු වෙනවා. ඒගොල්ලන්ගේ සයිලෝ ඒගොල්ලන්ට තියාගන්න කියන්න. ඒගොල්ලන්ගේ ස්ටෝක් ඒගොල්ලන්ට තියාගන්න කියන්න. අපි මේ මෝල් කාරයන්ට නැවෙන්න ඕන නෑ.
රජයේ පාලන මිල නාඩු හාල් දෙසිය විස්සයි. සම්බා 230යි කීරි සම්බා 260යි . නමුත් අපිට මෝල් වලින් හල් ලැබෙන්නේ නාඩු 230 සිට ඉහළට . තිස්පහක් කියන කට්ටියත් ඉන්නවා. සම්බා 240 සිට ඉහළට. 45යි කියන කට්ටියක් ඉන්නවා.
කීරි සම්බනම් පාලන මිළට විකුණන්න පුළුවන් තරමට ලැබෙනවා. නාඩු හාල් සමහර කට්ටිය සියයට පනහයි පනහයි ගන්න කියනවා. සමාහර කට්ටිය සියයට විස්සයි සියයට අසූවට ගන්න කියන අය ඉන්නවා. එක එක කොන්දේසි දානවා.
පාලන මිළට විකිණීමට බඩු ලැබෙන්නෙත් නැහැ. පාලන මිළ ඉක්මවා වික්කොත් ලොකු දඩ මුදලක් ගෙවන්න වෙනවා. මේ පිළිබදව 21 වන දා රැස් වන පාර්ලිමේන්තුවේ ප්‍රධාන අංගයක් බවට පත් කර ගන්න මේ හාල් ප්‍රශ්නේ.
එහම නොවුනොත් , අපි ඉතාම කෙටි කාලයක් තුළ දැඩි තීරණයකට එනවා ආණ්ඩුවට ඉදිරි මැතිවරණ දෙකේදී ජනතාවට , තමන්ගේ චන්ද දායකයින්ට කවන්නේ බත් ද. මොනවා ද කියන එක තීරණය කරන්න වෙයි.
හාල් මෝල් ටික කොන්ට්‍රෝල් කර ගන්න බැරි නම් ආණ්ඩුවට තියෙන්නේ ඊළගට තමන්ට චන්දය දුන්න හැට අට ලක්ෂයක් ඉන්නවනේ, චන්ද දායකයෝ චන්දෙ නොදුන් පිරිසකුත් ඉන්නවා.
මේ ඔක්කම කන්නේ බත් . ඒක නිසා සුළු වියාපරිකයන් ගැන පමණක් හිතනවා ද එහෙම නැති නම් පිට රටකින් හරි ආනයනය කරලා හරි හාල් ටික අඩුවට දෙනවා ද කියල ආණ්ඩුව තීරණය කරන්න ඕනි. යනුවෙන් ඔවුන් පැවැත් වී මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔවුන් යම් ආකාරයක අනතුරු ඇගවීමක් සිදු කරනු ලැබුවා.