සහල්, පරිප්පු, සුදු ලූණූ, අර්තාපල්, ලොකු ලූණූ, පොල් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මෙතෙක් පවත්වාගෙන ගිය විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉකුත් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත්, අදාළ බදු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි මේ වනවිට රඡය තීරණය කර ඇත්තේ. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63 ක් සඳහා වන බදු අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.
“අලුත් බදු එනවා විතරක් නෙවෙයි තියෙන බදු පවත්වාගෙන යනවා. අද මේ රටට වියළි මිරිස් ගෙන්නන්නේ රුපියල් 516 ට. රුපියල් 100 ක බද්දක් තියෙනවා. සතොසෙ විකුණන්නේ රුපියල් 845 ට. මේ ආණ්ඩුවේ වෙළද ඇමති පැහැදිලි කරන්න ඕන මේක මොකද්ද කියලා. හාල්මැස්සො ගේන්නේ රුපියල් 521 ට. රුපියල් 100 ක බද්දක් තියෙනවා. රුපියල් 621 යි හාල්මැස්සෝ කිලෝව.
සතොසෙ මේ ආණ්ඩුව විකුණන්නේ රුපියල් 960 ට. සුදු හාල් රුපියල් 146 ට ගේන්නේ. 65 ක බද්දක් තියෙනවා. පරිප්පු රුපියල් 227 ට ගේන්නේ. පරිප්පු වලට බද්ද තියෙන්නේ සත විසිපහයි. සීනී රුපියල් 181 ට ගේන්නේ. රුපියල් 50 ක බද්දක් තියෙනවා. රුපියල් 231 යි සීනී කිලෝව. ලොකු ළූණු.. ඉතාම විකෘතියක් තියෙනවා ලොකු ළූණු ගෙන්නන එකේ. රුපියල් 121 ඉදන් රුපියල් 211 දක්වා වරායේ උදමය ගාස්තුව පෙන්නලා තියෙනවා. එහෙනම් ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 10 යි. අර්තාපල් රුපියල් 150 යි 179 අතර ගාණක් වෙන්නේ බදුත් එක්ක.
මේ අනුර හරිනි ආණ්ඩුවට අපි කියන්නේ මේ තමයි ඇත්ත ගණන්. උඹලා මේ දුක විකුණලා ආවේ මිනිස්සුන්ගේ. මේ ඡනාධිපතිවරයා මේ අගමැතිතුමිය, මේ විදේශ ඇමතිතුමා ඇතුළු මේ සියලු දෙනා. තෙල්වලට බදු ගහනවද, බදුවලට තෙල් ගහනවද කිය කිය මේ රටේ ඡනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. තෙල් බදු ඉවත් කරන බව කිව්වා. නමුත් එක තඹයකින් තෙල් බදු ඉවත් කරලා නෑ. රුපියල් 118 ට ගේන පෙට්රල්වලට රුපියල් 109 ක බද්දක් තියෙනවා. 14% ක ලාභයක් එක්ක. ඊළගට ඩීසල් රුපියල් 86 ක බද්දක් තියෙනවා.
අර විදියට 14% ක ලාභාංශ තියෙනවා. රට අනුරට කියලා බෝඩ් ගහගත්ත අපේ ත්‍රීවිල් සහෝදරවරුන්ට අපි කියන්න ඕන රුපියල් 109 ක් ඔබෙන් බදු ගන්නවා ලීටරයකට. විදුලි බිල අඩු කරලා නෑ. ඒ වෙනුවට ලබන අවුරුද්දේ ව්‍යාඡ පාඩුවක් පෙන්නලා තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලය. අපිට මේකට කියන්න වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද කියලා. කරුණාකරලා ඒක කියන්න. අපිට මේ රට ඉදිරියට ගෙනියන්න මුදල් අවශ්‍යයි. ඒක නිසා අපි බදු ගහනවා කියන්න.”
පාඨලී චම්පික රණවක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
“රනිල්ගේ කලිසම රනිල්ට වඩා හොදින් අනුර ඇදගෙන යනවා කියන එක ඔප්පු කරන හොඳම නිදර්ශනය තමයි ඊයේ දවසේදී රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රය ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් වෙනස් කරන්නේ නැතුව ඒ ගැසට් පත්‍රය දීර්ඝ කිරීම. මං දන්නේ නෑ මුදල් අමාත්‍යාංශය මොන වගේ මත්ද්‍රවයක් පාවිච්චි කරලද මේක ප්‍රකාශයට පත් කරන්නේ කියලා.”
මදුර විතානගේ – හිටපු පාර්ලිමේන්තු මන්ත්