සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයේ වෙනසක් ?

සජිත් ප්‍රේමදාස

සජබේ ජාතික ලැයිස්තුව නිසි කලට නිසි වේලාවට සිදු වන බව සජිත් ප්‍රේමදාස පවසයි. සජබේ ජාතික ලැයිස්තුව ඉදිරියේදී දැනුම් දෙන බවත් පවසයි. සජබේ ජාතික ලැයිස්තුවේ කිසිදු අර්බුධයක් නොමැති බවත් එතුමා පැවසීය. විසදීමට අර්බුධයක් නොමැති බවත් නිසි කලට නිසි වෙලාවට ජාතික ලැයිස්තුව පැමිණෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජබන් තරග කර පසු බෑමට ලක් වූ සියලුම දෙනා ඉතාම ගුණාත්මක අය බව එතුමා පැවසීය. එතුමාගේ කැමැත්ත පරාජය වූ සියලු දෙනාට ලොකු වගකීම් තිබිය යුතු බව එතුමාගේ අදහසයි. එමනිසා සජබ ජාතික ලයිස්තුවේ ඉතාම පරිණත පිරිසක් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කඩා වැටුණු ගරා වැටුණු රට සහ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව ආකාරය එතුමාගේ හිතේ තිබෙන බවද පැවසීය. සජබෙන් ඉදිරිපත් වූ සියලු දෙනා මෙරට ලක්ෂ දෙසිය විස්සක් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ පොදු මහත් ජනතාවට සේවය කිරීම බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

අලුතින් පත් වූ මන්ත්‍රී වරුන්ගේ හැසිරීම පාර්ලිමේන්තු සභා ගර්භය තුල සහ ඉන් පිටත කෙසේද කියා හොදම නිගමනයකට එන්න පුළුවන් රටේ ජනතාවට බව ද එතුමා පැවසුවා. යාපනයෙන් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයකු විපක්ෂ නායක අසුනේ වැඩි වීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නොදැන සිටීම බව එතුමාගේ අදහස බවයි වාර්තා වුනේ.

සජබේ ප්‍රතිපත්ති සහ දර්ශනය පිළිබදව ධනාත්මකව සිතන සහ එය පිළිගන්නා ඕනෑම කෙනෙක්ට සජබ සමග එකතු වීමට හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ එක්සත් ජාතික පක්ෂය සමග එකට ඉදිරියේදී ගමන් කරනවා ද යයි මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මෙය එක් පක්ෂයකට හෝ ලකුණකට සීමා වී නොමැති බවත් එතුමා පැවසුවා. සජබ ප්‍රතිපත්ති සහ ඒවාට අගයක් ලබා දෙන හැමෝටම ඔවුන් සමග එකතුවිය හැකි බවත් පැවසීය .

සජබ නායකත්ව වෙනසක් සිදු වේවිද කියා මාධ්‍ය වේදීන් අසූ ප්‍රශ්නයට එතුමා පිළිතුරු ලබා දුන්නේ මෙය පාරිභෝගික භාණ්ඩයක් හෝ හුවමාරු කර ගැනීමට සුදුසු දෙයක් නොවන බවත් රටේ ජනතාවගේ තීරණයක් බවයි පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *