සමගි ජන බලවේගය විපක්ෂයේ බොහොමිකාවට නායකත්වය නොදෙන බවට අදහස් දැක්වීම් සහ විවේචන සිදු කරන්නේ සමගි ජන බලවේගය ප්රමුඛ සන්ධානයම පාර්ශව වීම විශේෂයි. සමගි ජන බලවේගයේ සමගියත් පක්ෂ නායකත්වයෙන් නායකත්ව ගුණංගත් නොමැති බවයි. සජිත් ප්‍රේමදාස ගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න තියෙන බව මම පිළිගන්නවා.
නැහැ කියලා කියන්න බෑනේ . හර්ෂ ද සිල්වද සජිත් ප්‍රේමදාස ද නැත්නම් අහසින් කවුරුහරි බැහැල එනවද කියලා මට හිතාගන්න බෑ. ඒක අපි ඉවසීමෙන් බලන්න ඕනේ. නමුත් ඒකට කාලය ලැබී තිබෙන බව මම හිතනවා. එක්කෝ සජිත් තමාගේ නායකත්ව ගුණාංග සහ සහයෝගයෙන් කටයුතු කරන ගුණාංග දියුණු කරගත යුතුයි. මට හිතෙන්නේ සමග ජන බලවේගය තුළ සහයෝගයක් නැහැ කියලා. සමහර තනි තීන්දු ගන්නෙ, සජිත් තමාව වෙනස් කරගත යුතුයි. සියලු දෙනාවම එක් කර ගත යුතුයි. හර්ෂ ඉන්නවා කබීර් වගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඉන්නවා. සමගි ජන බලවේගය තමයි අපේ ප්‍රධානතම පක්ෂය. ඒ නිසා ඒ පක්ෂයේ නායකයා කවුද කියන එක ගැන අපි වැඩි අවධානය යොමු කරනවා. කවුරුවත් අපිට ඇස් වහගෙන එක පිළිගන්න බෑ අපි එක ගැන හොයලා බලනවා.