විපක්ෂ නායක සඡිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ ඡන හමුවක් ඊයේ (28) පැවැත්වුණා.
“කියපු දේ කෙරෙන් නෑ. පොදු ඡනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දුන්නා. ඒ එකක්වත් ඉෂ්ට සිද්ධ කරන්නට සැලැස්මක් නෑ. කතාව නම් හොදට තියෙනවා. හැමදේම ඉබි ගමනින් යන්නේ. ඡනතාවගේ අපේක්ෂාවන් කුඩු පට්ටම් වෙලා තියෙනවා. අද රටේ පොදු ඡනතාවගේ මතය සමුපකාර ඡන්ද ප්‍රතිඵල වලින් හොදින් පැහැදිලි වෙනවා. එය රඡයට බලකිරීමක් වෙනවා ඡනතා හිතෛශි පියවර ක්‍රියාත්මක කරන්න. අපි මතක් කරන්න කැමති රාඡ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නට කටයුතුකරනා සේම පෞද්ගලික අංශයේ ශ්‍රම බලකායටත් අනිවාර්යයෙන්ම සාධාරණ වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට ඔබට සහන සැලසීම සඳහා මේ ආණ්ඩුව පෙළඹවීමට අපි ඔබත් සමග එකට හිටගන්නවයි කියන එක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.”
විපක්ෂ නායක – සඡිත් ප්‍රේමදාස