ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යථාවත් කිරීම මගින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවක දී. මේ අතර මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින්ගෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ පිරී ගොස් ඇති ආකාරය අපට වාර්තා වුණා. මේ අතර සංචාරකයින් විශාල ලෙස වැඩිවීමත් සමඟ ඇතැම් ස්ථානවල අනාරක්ෂිතව කටයුතු කරන ආකාරයද අපට වාර්තා වුණා. නුවරඑළිය කන්දෙඇළ ජලාශයේ සංචාරකයින් ආරක්ෂක කබා නැතිව බෝට්ටු සවාරිවල යෙදෙන ආකාරය දක්නට ලැබුනා.
Related Posts
නව යුධ හමුදාපති සහ නව නාවික හමුදාපති
මෙරටට නව යුධ හමුදාපතිවරයෙකු හා නාවික හමුදාපතිවරයෙකු අද පත්කෙරුණා. ඒ වත්මන් යුධ සහ නාවික හමුදාපතිවරුන්ගේ ධූර කාලය දෙසැම්බර් 31 එනම්…
පැනලා ගියා කියන මනූෂ අල්ලන්නේ නැද්ද?
හිටපු මනූෂ නානායක්කාර ඇමතිවරයා.. මේ වෙනකොට මනූෂ වංචා දූෂණ විශාල ප්‍රමාණයකට වගකිව යුතුයි. මනූෂ පැනලා ගියා කියනවා. ඔබතුමා මනූෂ අල්ලගන්නේ…
සුනාමි අඳුරු මතකයට හෙටට වසර 20යි
2024 සුනාමි වියසනය සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා. ඒ අනුව සුනාමි රළ පහරට බිලි වූවන් සිහිපත්…