ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් පහළොස්වෙනිදා පැවැත්වුණා. ඒ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණු දිනයේදීම ශිෂ්‍යත්ව විභාගයේ ඇතුළත් ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් ඊට පෙර සාකච්ඡා කළ බවට සමාජ ජාලා ඔස්සේ තොරතුරු ලැබුණා. ඒ අනුව අපි ඒ විභාගය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන්නත් ඒ එක්කම යම් යම් තීරණ ගනු ලැබුවා ඒ විභාග ඉදිරි කටයුතු කරගෙන යෑම සම්බන්ධයෙන් නමුත් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුකර හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා. ඒ නඩු හතරම ඒකාබද්ධව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඉතින් ඒ පිළිබඳ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වෙනකොට මගේ අතට පත්වෙලා තියෙනව ඒක පිටු හැට අටකින් සමන්විත තීන්දුවක් ලැබිලා තියෙන්නේ. ඒ තීන්දුව තුළ විශේෂයෙන්ම මට ඉදිරිපත් කරල තියෙනව මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මේ සම්බන්ධයෙන් පත්කරන ලද ඒ කමිටු විසින් නිර්දේශ කරලා තිබෙන ඒ විකල්ප ක්‍රියාමාර්ග තුන අතරින් වඩා සුදුසුම විකල්ප ක්‍රියා මාර්ගය තෝරාගෙන ඒ පිළිබඳ හොද අධ්‍යයනයක් කරලා සෑම පැත්තක් ගැනම සලකා බලලා වඩාත් සුදුසුම තීරණය ගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඒ එක්කම ඒ කටයුතු විභාග ඇගයීම් කටයුතු කරල කඩිනිමින් ප්‍රතිඵල ලබා දෙන්න කියන නියෝගය මට ලැබිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මම මේ නඩු තීන්දුව දීර්ඝ වශයෙන් අධ්යමින් කරමින් පවතිනවා. ඒ එක්කම මේ පිළිබඳ කරුණු සොයා බලා ඉතාම කඩිනමින් මේ පිළිබඳ තීරණයක් ගෙන ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා .
නිර්දේශ 3 නෙන් ඔබ ක්‍රියාත්මක කරන්න යන්නේ කුමන නිර්දේශය ද ?
ඒක තමයි මම කිව්වේ මොකද මට එකපාරටම කියන්න පුළුවන්කමක් නැහැ මොකද මේක ලොකු අධ්‍යයනයක් සිදු කරන්නට ඕන නැවතත් ඒ නිර්දේශ තුන එහෙම නැත්නම් ඒ විකල්ප තුන අතරින් වඩාත් සුදුසු විකල්පය මොකද්ද කියන එක ලොකු විග්‍රහයක් කරල ඉතා කඩි නමින් ඒ පිළිබඳ තීරණයක් ලබා දෙනවා .
කොපමණ කාලයක් තව යයි ද ප්‍රථිපල ලබා දෙන්න ?
ඒක ඉතාම කඩිනමින් අපි ඒ තීරණය ගැනීමත් සමඟ ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ කිව්වා වගේම මේ දරුවන් හයවැනි ශ්‍රේනියට ඇතුළු වෙන්නට ඕනේ. දැන් අධ්‍යන වර්ෂය ලබන විසිහත් වෙනිදා ජනවාරි 27 වැනි දින නව අධ්‍යන වර්ෂය පටන ගන්නවා . එතකොට ඒ දරුවන් 6 වන ශ්‍රේණියට ඇතුළත් විය යුතුයි. පාසල් ගණනාවක් තිබෙනවා ප්‍රාථමික පාසල් තුන් දහසකට වැඩි සංඛ්‍යාවක් මේ දරුවන් ඒ කනිෂ්ඨ ද්වීතික අධ්‍යාපනයට වෙනත් පාසලකට ඇතුළත් විය යුතුයි. අපි ඒ සම්පූර්ණ සියල්ලක් සලකා බලලා ඉතාම කඨිනමින් මේ කටයුතු අවසන් කරලා ප්‍රතිඵල නිකුත් කරන්නත් කඩඉම් ලකුණු ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.
සාමන්යෙන් කොපමණ කාලයක් යයි ද ?
සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබා දෙන්න දින හතළිහක වගේ කාලයක් ගතවෙනවා මෙවර හැබැයි උසස් පෙළ විභාගය යන අතරතුර තමයි අපිට උසස් පෙළ විභාගයේ ඇගයිම් කටයුතු ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ සංවිධාන කටයුතු අතර තුර තමයි කරන්න වෙලා තියෙන්නේ . කෙසේ වෙතත් අපි මේකට ප්‍රමුඛත්වය ලබා දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා