ශ්‍රී ලංකා පොලීසිය ක්ලීන් කරන්න පටන් ගනී

ශ්‍රී ලංකා පොලීසිය ක්ලීන් කරන්න පටන් ගනී

ශ්‍රී ලංකා පොලීසිය ක්ලීන් කරන්න නව වැඩ පිළිවලක්. ශ්‍රී ලංකා පොලීසියේ අකාරක්ෂමතාවය ඉවත් කර කාර්යක්ෂම පොලීසියක් මෙන්ම මිත්‍රශීලි පොලීසියක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩ බලන පොලිස්පති පවසයි.

පොලිසි නිලධාරීන් වුව ද වැරදි කරනවා නම් අදාළ අධිකරණ කටයුතු සිදු කරන බව එතුමා පැවසුවා. ඒ වගේම එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් විනයානුකුල පියවර ගන්නා බව ද පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කලේ පොලිස්පතිවරයාගේ දැක්මට අනුව වැරදි කරන පොලිස් නිලධාරීන්ට ඉතා ඉහළ දඩුවම් දිය යුතු බවයි.

ඒ වගේම ශ්‍රී ලංකා පොලීසිය ට කීර්තියක් අත් කර දෙන , සමාජෙට කීර්තියක් අත් කර දෙන සහ මහජනතාවට සේවය කරන නිලධාරීන් සිටින වා නම් ඔවුන් ඉතාම ඉහළම මට්ටමේන් සැලකිය යුතුයි කියන මට්ටමේ සංකල්පයක නව වැඩ බලන පොලිස්පති වරයා සිටින බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *