ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සමුගනී ද?

ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී තිබෙනවා. ඔවුන් එහිදී ඉදිරි දේශපාලන ගමන පිළිබදව ඔවුන් සාකච්චා කල බවයි. ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණය පිළිබදව ඔවුන් ඊට මුහුණ දෙන ආකාරය ගැන සාකච්චා කල බවයි. ඔවුන් එහිදී පෙර පැවති නාමයෝජනා අවලංගු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම මැතිවරණයකටම සහභාගී වන බව ද පැවසීය. ඔවුන්ට මෙවර මැතිවරණය ඉතා අසීරු වූ බවත් ජනතා කැමැත්තට ගරු කල යුතු බවත් පැවසීය. ඔවුන් ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය ගැන සාකච්චා කරමින් පවතින බව පැවසීය .

මැතිවරණ වලදී ඔවුන් සන්ධාන ගත වීම් කිහිපයක් සිදු වූ බවත් මධ්‍යම කාරක සභාවේ තීරණය වුනේ නිදහස් පක්ෂය හැටියට ඉදිරියට යායුතු බවයි. සන්ධාන ගත වීම අවස්ථාව හැටියට සිදු වන බව පැවසීය. වමේ බලය එක තැනක රදවා ගෙන පක්ෂය ඉදිරියට යා යුතු බව ඔවුන්ගේ අරමුණ බවයි පැවසුවේ.

නිමල් සිරිපාලද සිල්වා මහතා දේශපාලනයෙන් සමුගෙන ගෙදර සිටීමේ අවශ්‍යතාවයක් නැති බවත් ඔහුගේ අද්දැකීම් සම්භාරය වැදගත් බවත් පැවසීය. ඔහුගේ සේවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගටම ලැබෙන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *