ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම විකිණීමට එරෙහිව ජනතා විරෝධය

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඊට එරහිව ජාඇල කටුවත්ත ප්‍රදේශයේ ජනතාව අද ත්‍රීපෝෂ සමාගම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුනා. කෙසේ වෙතත් පොලීසිය මැදිහත් වී ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා .

පොලීසිය ප්‍රකාශ කළේ මෙම විරෝධතාවය නීති විරෝධී බවයි. මැතිවරණය අවසන් වී සතියක් යන තෙක් මැතිවරණ පනතේ 69 වන වගන්තිය අනුව පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්විය නොහැකි බව පොලීසිය ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *