ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය සමග තරග 3 න් සමන්විත 20 යි 20 තරගාවලියකට සහ තරග 3 න් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වුණා. 20 යි 20 තරගාවලිය 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා පිළ පරාඡයට පත් වු අතර එක්දින තරගාවලිය ද 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව පරාඡයට පත් වුණා. එම තරග සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියා.
“තරඟාවලිය… මං හිතන්නේ බලාපොරොත්තු වුණ විදියට කරගන්න හම්බුනේ නෑ. මං හිතනවා හැබැයි ගොඩක් පොසිටිව්ස් තිබ්බා ටුවර් එකේ. කලින්ට වඩා ටීිම් එක ගොඩක් වෙනස්. අපි මැද්දෙ ගහන්නේ. දිනන පරදින එක වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක දෙපැත්තම භාර ගන්න ඕන. ඉතිං නමුත්, කණ්ඩායම තරගයට යන්නේ අපි අනිවාර්යයෙන්ම ඡයග්‍රහණය බලාපොරොත්තුවෙන්. ඉතිං ඒක නිසා ගොඩාක් පොසිටිව්ස් තිබ්බා. කුසල් ඡනිත් ශතකයක් ලබා ගත්තා ටී20 අන්තිම තරගයේ දී. ඉතිං ඒක සෑහෙන්න කාලෙකින් ලබාගෙන තිබුණේ. වන්ඩේ අන්තිම තරගයත් අපි හොදම විදියකින් ඉවර කළා. ඒවා තමයි ගන්න පුළුවන් පොසිටිව්ස්. එයාලා මෙහේ ආවමත් එයාලා 2 යි 0 යි. වන්ඩේ සීරීස් එක පරාද වෙලා ගියේ ඉතිං. එයාලා මෙහෙ ආවම අපි තණ තීරුවල ක්‍රීඩා කළේ. අපිට එහේ ගියාම අපිට ප්ලේස් විකට් හම්බෙනවා. අපි ඒකට ඇඡෙස් වෙන්න ඕන. ක්‍රීඩකයො වශයෙන් අපිට කරන්න පුළුවන් දේ ඒක තමයි. අපි කන්ඩිෂන්වලට ඉක්මනින් ඇඡස් වෙලා ක්‍රීඩා කරන එක..”
“20 යි 20 තරගාවලිය නම් ඇත්තටම කණගාටුයි පරාඡය වෙච්ච එක. මොකද එක තරගයක් නෙවෙයි අපිට තරග 2ක් ලේසියෙන් ඡයග්‍රහණය කරන්න තිබුණා. මං හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොකු කණගාටුවක් තියෙනවා ඒ තරගාවලිය පැරදිච්ච එක ගැන. පන්දු වාර 50 තරගාවලියට ආවම අවසාන තරගය ඉතාමත් හොදට ක්‍රීඩා කළා. පළවෙනි තරග දෙකේ තමයි අපේ පිතිකරුවන් පොඩ්ඩක් පළවෙනි පන්දු වාර 10 විතර ඉදලා තමයි ලකුණු අතර හිටියේ නැත්තේ. කඩුලු 4 ක් 5ක් වැටුණම ටිකක් අමාරුයි. මං හිතනවා දෙවැනි තරගේ ඒක හදාගෙන හොදට ක්‍රීඩා කරලා ඒක ඡයග්‍රහණය කළේ. මං හිතනවා මේ වැරදි අඩුපාඩු ඉස්සරහට වෙන්න බෑ. ඉතිං අපි ඒක පුළුවන් තරම් අඩු කරගෙන ඉස්සරහට යනකොට විශේෂයෙන් රටින් පිට යනකොට අපි ඒක බලන්න ඕන. මේ රටේත් රටින් පිටත් අපිට ඒක වෙලා තියෙනවා. ඉතිං මං හිතනවා ඉස්සරහට අපි ඒක හදාගන්න ඕන. එකම දේ තියෙන්නේ පැතුම් නිස්සංකගේ ආබාධය. අවාසනාවට වගේ එයාගේ කකුලේ ආබාධයක් ආවා තරගයේදී. ඒක ඒ තරම්ම හොද නැහැ තවම. ඒක පොඩ්ඩක් බලන්න ඕන මොකද්ද වෙන්නේ කියලා.
ඕස්ට්‍රේලියාවත් එක්ක තියෙන ටෙස්ට් තරග 2 තියෙන්නේ ගාල්ලේ. මේ මාසේ අන්තිමට. ඒකට දැන් පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න ඕන තව දවස් කිහිපයකින්. ඉන්න ක්‍රීඩකයින් දැන් පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. “