ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

නවසීලන්තය සමඟ එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ (21) දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයට එක්දින තරඟ තුනක් සහ පන්දු වාර 20 තරඟ තුනක් ඇතුළත් වෙනවා. දිවයිනෙන් පිටත්ව යන්නට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ‍කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වලට එක් වුනේ මෙලෙසින්.

“සූදානම හොදයි මං හිතන්නේ, මොකද කණ්ඩායමේ ක්‍රීඩකයන් හොද මානසිකත්වයක ඉන්නවා T10 තරඟාවලියේ ක්‍රීඩා කරලා හොද ලකුණු අතරත් කඩුලු අතරත් හිටියා. ඉතිං ඒක ලොකු සූදානමක් කණ්ඩායමට. අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය කියනේ ඒ ගොල්ලන්ගේ හෝම් වලදී ගොඩක් ස්ට්‍රෝන්ග් කණ්ඩායමක්. ඉතිං බලාපොරොත්තු වෙනවා කොහොමහරි අඩුපාඩු අඩුවෙන් ක්‍රීඩා කරලා තරගාවලිය ඡයග්‍රහණය කරන්න.”

චරිත් අසලංක – නායක – ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායම

චරිත් අසලංක එක්දින හා පන්දු වාර 20 නායකත්වයට පත් වීමෙන් පසු කණ්ඩායම සහභාගී වන පළමු විදෙස් තරග සංචාරය ද මෙයයි. දෙරට අතර පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 28 වනදා පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන ඡනවාරි මස 05 දායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *